දසුනි පෙම්වතියක් කියලා උපන් දින සාදයේදි ප්රසිද්ධ කළා. පෙම්වතාගෙන් මොන විදිහෙ ආදරයක්ද ලැබෙන්නෙ ?
මගේ හිත අවුල්වුණහම සනසවන, ධෛර්ය දීලා මාව ඉහළට ඔසවන්න උත්සාහ කරන, ආදරෙන් මාව බලාගන්න පෙම්වතෙක් මට ලැබිලා ඉන්නවා. එයාගේ ආදරය තුළ මම පුදුමාකර සැනසීමක්, සැහැල්ලුවක් විඳිනවා.
උපන් දිනය වෙනුවෙන් පෙම්වතා දීපු තෑග්ග මොකක්ද ?
ඔව්. උපන් දිනයෙදි එයා තෑගි ගොඩක් මට දුන්නා. එයා දීපු හැම තෑග්ගක්ම මට විශේෂයි.
පිරිමි ළමයින්ගෙන් දසුනිට ලැබෙන ආකර්ෂණය ගැන පෙම්වතා ඊර්ෂ්යා නැද්ද ?
කෙල්ලෙක් වුණහම පිරිමි ළමයින්ගේ ආකර්ෂණය ලැබෙන එක සාමාන්යයි. ඉතින් මටත් පිරිමි ළමයින්ගේ ආකර්ෂණය ලැබෙනවා. මගේ පෙම්වතා ඒක තේරුම් අරගෙන ඉන්නෙ. මම කොහෙද යන්නෙ, කාත් එක්කද කතා කරන්නෙ, මොනවද කරන්නෙ, එයා කැමැති නැත්තන් එපා වගේ දේවල් කියන toxic පෙම්වතෙක් නෙමයි මගේ පෙම්වතා.
විවාහ වෙන්න අදහසක් නැද්ද ?
අපි තාම ආදරය කරන්න පටන්ගත්තා විතරයි. තාම විවාහය ගැන හිතලවත් නැහැ. අපි දෙන්නට හැබෑ කරගන්න හීන ගොඩක් තියනවා. මේ මොහොතෙ අපි හීන පස්සෙ යන ගමනකයි ඉන්නෙ.




