lan englan tam

පුවත්

රාජසිංහ රාජ ඉතිහාසය කියන 'ගිරිවැසිපුර' මංගල ප්‍රදර්ශනය නවසීලන්තයේදී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ජීවිතය ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපටයක් වන 'ගිරිවැසිපුර' චිත්‍රපටයේ මංගල දර්ශනය නවසීලන්තයේදී පැවැත්වීමට නියමිතය.

ප්‍රධාන ධාරාවේ නිකුතුවක් ලෙස නවසීලන්තයේදී එළිදක්වන ප්‍රථම ශ්‍රී ලාංකේය චිත්‍රපටය වන්නේ ගිරිවැසිපුර වේ. එය දේවින්ද කෝන්ගහගේ නිර්මාණයකි.
ගිරිවැසිපුර - ශ්‍රී ලංකාවේ අවසාන රාජධානිය වන මහනුවර රාජධානිය සහ එහි අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ යුගය වන 1798-1815 කාලය ගැන ඓතිහාසික සත්‍ය සිදුවීම් පදනම් කොට නිමැවූ, පර්යේෂණාත්මක, සමාජ, දේශපාලනික විවරණාත්මක වෘත්තාන්ත චිත්‍රපටයක් වේ.
ගිරිවැසිපුර ඊයේ (04) සිට නවසීලන්තයේ ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ මනුකාවෝ සහ වෙස්ට්ගේට්හී ඉවෙන්ට් සිනමාස් සිනමා ශාලාවලදී මංගල දර්ශනය පැවැත්විණි.
නවසීලන්ත ඉවෙන්ට් සිනමාස් සහ ඕස්ට්‍රේලියානු වී ඩිඩ් ඉට් ග්ලෝබල් විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කෙරේ.
හරවත් සාහිත්‍යමය ගුණයෙන් පිරි සිංහල ජන ගීත සහ දමිළ ගීත සහිතව නිමැවුනු ප්‍රථම ත්‍රෛභාශා ශ්‍රී ලාංකේය ඉතිහාස චිත්‍රපටය ලෙසද ගිරිවැසිපුර හැඳින්විය හැකිය.

Back to top
Go to bottom

Popular News