lan englan tam

පුවත්

තැනූ විට රැවටෙන්න නැමද රුවන් වැලි සෑ; ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වෙරළ අල්ලා ගත්තාට පසු පිරිමි
බිලි දෙන්න වෙන්නේ මුහුදට ගැහැනු
ගොඩ ගලන විට උණා සළු පට මුහුද
හැංගුණේ පිරිමි යටසායවල් යට ය
ගැහැනුන් පවා පිළිගන්නෙ නෑ තව ම
නැංගුරම් නැති නැවක බිලි දුන්නෙ උන් බව
පිරිමි අත් සදිසි දළ රළට එදිරිව
ගැඹුරු දියඹේ තනිකමට එරෙහිව
නැව් බඳක ගැට ගැසූ ගැහැනියක තනිව ම
පව් නැද්ද සොයන එක තොටුපළක් මෙලෙස
නිවී ගිය පහන් කණු මුවා වී සැඟව
සිතියමේ මැකී ගිය දූපතක් නැතිව
කොහේ හෝ ජීවිතය හඟිත හැකි වෙරළක
දිවි ලදොත් බිලිපුදට උරුම ලද ගැහැනිය
පිළිගන්න එන පිරිමි මවා ලෝ මහා පා
තැනූ විට රැවටෙන්න නැමද රුවන් වැලි සෑ


ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න 

 

ඡායාරූපය ලක්ෂාන් මධුරංගගේ මුහුණු පොතෙනි

kemadasa

shungara

Back to top
Go to bottom