lan englan tam

හිනාවෙවී කියවිය හැකි රස කතා ගොන්න - සබකෝලය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
චන්දන තිලකරත්න වඳවෙමින් යන පරපුරක දැවැන්ත හස්ති රාජයකු බඳුය. දිනෙන් දින වල් වදින රැහේ නූතනයන් හරි මගට ගන්නට ඔහු සිය ශක්ති ප්රමාණයෙන් රැහැන් එලයි. දැල සකසයි .
සිය භාවිතය වන කථනයෙන් මෑතට පැමිණ චන්දන ලියා පළ කළ "කතාවෙන් දිනන මග" පලවූ දා පටන්ම මාධ්ය පාඨමාලා කරුවන්ගේ හස්තසාර ග්රන්ථයක් විය. ඔහු මෙවර සබකෝලය ජය ගන්නට මාධ්ය කරුවන්ට හා සභාවක් ඉදිරියට යන්නට බලා බලාපොරොත්තු වන්නන්ට දැවැන්ත අත්වැලක් සපයයි. ඔහු එතුළ ඉදිරිපත් කරන දේ සපුරා විද්යාත්මකය. ඒ විදුහුරු සත්යය මෙතරම් සරලව ඉදිරිපත් කරන්නට චන්දන දරන්නේ නිරායාස උත්සාහයකි.
රූපවාහිනී හා ගුවන්විදුලි පූරක භූමිකාව තුළ අද අපට සිටින වඩාත්ම පැසුන මිනිසා චන්දන යයි මම සිතමි. සරල බස, කෙටි වැකි හා නොසිඳී මන්දස්මිතය ඔහුගේ මාධ්ය භාවිතයේ දෘශ්යමානයයි. හරවත්, සාහිත්ය හා දැනුම පරිශීලනයෙන් පොහොසත් බව ඔහුගේ අර්ථ සම්පත්තියයි. මේ පූර්ණත්වය ඊළඟ කණ්ඩායම වෙනුවෙන් නොමසුරුව තිළිණ කිරීම ඔහුගේ අපේක්ෂාවයි. "සබකෝලය" නම් හිනාවෙවී කියවිය හැකි රස කතා පොකුරකි. ඒ හැම රස කතාවක්ම නිසිලෙස ප්රස්තුතය හා ඈඳා තිබීම මගින් කතාවකින් ලබාදිය හැකි උපරිමය පාඨකයාට තිළිණ කරයි.
චන්දන නම් සඳුන කි. එය සිදිත මඩිත වහනය වන්නේ සුවඳමය. චන්දන මෙවර තමාම තමා මඩිමින් සබකෝලය තුරන් කිරීමේ මහඟු සුවද අකුරු අතරට ගෙන එයි.
- ස්වර්ණ ගුණවර්ධන
Back to top
Go to bottom

Popular News