lan englan tam

“එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” දින තුනක් පුරා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ව්‍යාපාරික පාරාදීසයක් බිහි කිරීමේ රජයේ වැඩපිළිවලේ තවත් එක් අදියරක් ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” ජාතික ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ විය.

එය අගෝස්තු 29,30 සහ 31 යන තෙදින පුරා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල භුමියෙහි පැවැත්වෙයි.

සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය මූලික කරගනිමින් ව්‍යවසායකයින් දිරි ගැන්වීම මෙම ප්‍රදර්ශනයේ එක් අරමුණකි.

ප්‍රදර්ශන කලාප 12 කින් සහ කුටි 515 කින් සමන්විත “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” පෙරවරු 10 සිට රාත්‍රී 12 දක්වා විවෘත බව සංවිධායකයෝ පවසති.

ඡායා: රුක්මල් ගමගේ