lan englan tam

පුවත්

විජය ඇන්තනීගේ දියනියගේ වියෝවට පොතුවිල් අස්මින්ගෙන් පද රචනාවක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලාංකික ගී පද රචකයෙකු වන පොතුවිල් අස්මින් කොලිවුඩ් නළු විජය ඇන්තනීගේ දියනියගේ හදිසි වියෝව සිහිපත් කරමින් කාව්‍යයය්ක් රචනා කර තිබේ. දෙමළ බසින් ලියූ කවියේ අනුවාදනයක් පහතින් වේ.


අස්මින් මේ වන විට ඉන්දියාවේ ගීත රචකයෙකු හැටියට පොතුවිල් සිට චෙන්නායි වෙත සංක්‍රමණය වී නිර්මාණකරණයේ නියැලෙයි.

ඕ මීරා, ජීවිතයම
මෙතැන් පටන් මුළු ජීවිතයම කඳුළකි
ඔබ මගේ ජීවිතය
ආදර දියනිය

නැති වුණේ මගේ ජීවිතයයි
ඔබ දන්නවාද දියනිය
ඔබ ඇසේ ආලෝකයයි
මගේ කරුණාබර දියනිය

දෑස් උතුරා යන මුහුදකි
සුබ ගමන් දියනිය
ඕ මීරා,,, ඕ මීරා,,,
මෙතැන් පටන් ජීවිතයම
කඳුළු බිඳුවකි
දිනෙන් දින නුඹ නිසා
ඕ මීරා,,, ඕ මීරා,,,

ඔබත් පසට යට වේ නම්
මම ජීවිතයම විඳවමි හැමදාකම

මට ඔබ පස යට මිහිදන් කළ නොහැකියි
අම්මාගේ මුහුණ අමතක කළේ ඇයි නුඹ
ආදර දියනිය
ඔබේ සොහොයුරිය ඔබ විමසන විට
අප පැවසිය යුත්තේ කුමක්ද?
ඕ මීරා,,, ඕ මීරා,,,
මෙතැන් පටන් මුළු ජීවිතයම කඳුළකි
දිනෙන් දින නුඹ නිසා
ඔබ ගෙනයන්නේ මගෙ ජීවිතයයි
ඔබ දුටුවේ මොනවාද දියනිය
අපායක් දෑස් ඉදිරිපිට ඉතිරිය
අපි එය සොයා ගතිමු
ඔබේ මතකය තුළ අපි දියව යන්නෙමු දියනිය
රන්මය නවාතැනකට
සුබ ගමන් මගෙ දියනිය
සුබ ගමන් මගෙ දියනිය
සුබ ගමන් මගෙ දියනිය
සුබ ගමන් මගෙ දියනිය
ඕ මීරා,,, ඕ මීරා,,,
මෙතැන් පටන් ජීවිතයම කඳුළු බිඳුවකි
දිනෙන් දින නුඹ නිසා
ඕ මීරා,,, ඕ මීරා,,

Back to top
Go to bottom

Popular News