lan englan tam

පුවත්

'මනල්' සිනමාහලට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ 'මනල්' (වැලි) සිනමා කෘතියේ සීමිත දර්ශන වාර ප්‍රමාණයක් තෝරාගත් සිනමාශාලා කිහිපයක ළඟදීම ප්‍රදර්ශනය කිරීමට නියමිත බව වාර්තා වේ.

පශ්චාත් යුද්ධ සමයේ වසර පහක් සිරගතවීමෙන් පසුව නිදහස ලැබූ තරුණයෙකු සිය අතීතය සොයා යද්දී ලබන අත්දැකීම් මෙම කෘතියට තේමා වී ඇත.
රොටර්ඩෑම් සිනමා උළෙලේ ප්‍රධාන අංශය වූ ටයිගර් අංශයේ ජූරි සම්මානය, බෙන්ගලුරු සිනමා උළෙලේ දෙවැනි හොඳම සිනමාපටය සහ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවැත්වුණු 22 වැනි ඉමැජින් ඉන්ඩියා ජාත්‍යන්තර සිනමා උළෙලේ (ඓඓඓFF) හොඳම සිනමාපටය ලෙස 'මනල්' සිනමා කෘතියට ජාත්‍යන්තර සම්මාන හිමි විය.
'මනල්' අධ්‍යක්ෂ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් 2013 වසරේදී 'ෆ්‍රැන්ජිපානි' සහ 2018 වසරේදී 'පාංශු' නමින් සිනමා කෘති දෙකක් නිර්මාණය කළේය.

Back to top
Go to bottom

Popular News