lan englan tam

පුවත්

බිලිඳෙකු මවැනි පැසසුම් ලැබුම විළියකී - කරුණාරත්න අමරසිංහයන් විසිනි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
 
කරුණාරත්න අමරසිංහයන් විසිනි
 
මා වැනි බිලින්දා
පඬි⁣ඳෙකු දුලබ පිදුමන් ලැබුම
එළියකී
කිවි⁣ඳෙකු දුලබ ඇගයුම් ලැබුම
එළියකී
විරුවෙකු දුලබ බුහුමන් ලැබුම
එළියකී
බිලිඳෙකු මවැනි පැසසුම් ලැබුම
විළියකී
වතුර නැති කලට ඔරුවද
අසරණය
බඹරු නැති කලට කුසුමද
අසරණය
තරු එළි නැති කලට අහසද
අසරණය
රසිකයො නැති කලට හදවත
අසරණය
ඔබ හද මහද එක හද කළෙ
මව්බසය
එහි අම පලය ඔබගෙන් ලද සෙනෙහසය
අප ළබැඳියන් කළ ඒ සාහිත
රසය
පළමුව දුන් මගේ මව්බස
අසදිසය
දිවි හිම් තෙක්ම මව්බිම
වාසනාවන්
දිවි හිම් තෙක්ම මව්බස
වාසනාවන්
දිවි හිම් තෙක්ම ගුරුවරු
වාසනාවන්
දිවි හිම් තෙක්ම රසිකයො
වාසනාවන්
මා මුල් සුසුම ගත් දින අමතක
නොකර
ආසිරි දියෙන් ගිම් නිවමින දිවි
කතර
ඔබ නොමසුරුව පුද කළ සෙනෙහස විතර
වෙන සම්පතක් වෙද මට සිහි වන
නිතර
Back to top
Go to bottom

Popular News