lan englan tam

පුවත්

Trinco Cinema

ජනවර්ග තුනකට අයත් මිනිසුන් කලා රසය විඳි නගරය - ත්‍රිකුණාමලය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිංහල දමිළ සහෝදරත්වයට මග කිවු, ත්රීකුණාමලයේ සිනමා වසන්තය

 
මෙය සිනමා ලෝලීන්ගේ අතීත මතක පිළිබද රසාලිප්ත අවලෝකනයකි.ජනවර්ග තුනකට අයත් මිනිසුන්,කලා රසයද ප්රේමයද සහෝදරත්වයද අත් විදිමින් එකම නගරයක දිවි ගෙවු නුදුරු අතීතයක සොදුරු අතීත මතක එහි ඉතිරිව තිබේ.
යුද්ධය පැමිණීමට පෙර සිනමාලෝලින්ගේ නගරය, ත්රීකුණාමලයයි.ලංකාවේ වැඩිම සිනමා ශාලා ප්රමාණයක් පිහිටි නගරය ලෙස ත්රීකුණාමලය හිමිකර ගෙන සිටි වාර්තාව අදටත් වලංගුය.
හැත්තෑව දශකයේ අවසාන භාගය වන විටත්,ත්රීකුණාමලය නගරය තුල පමණක් සිනමා ශාලා හතක් ක්රියාත්මක වු අතර,නාවික හා ගුවන් හමුදා කදවුරු තුල පිහිටි සිනමා ශාලා දෙකත් සමග ත්රීකුණාමලය නගරයේ පිහිටි මුළු සිනමා ශාලා ප්රමාණය නවයක් විය.ඊට අමතරව කන්තලේ හා මූතුර් හි සිනමා ශාලා දෙක බැගින්ද,කින්නියා හි එක් සිනමා ශාලාවක්ද පැවතුණි.
මීට දශක දෙක තුනකට පෙර ත්රීකුණාමලයේ ජාතීන් අතර සාමය හා සංහිදියාවට අපූරු තෝනැන්නක් වු සිනමා ශාලා බොහොමයක් අද වෙන විට වැසී ගොස් හමාරය.මේ වන විට යම් තරමකින් හෝ පවත්වා ගෙන යනු ලබන්නේ,සරස්වතී හා නෙල්සන් සිනමා ශාලා දෙක පමණි. එදා සිංහල දමිළ සංහිදියාවට නිරායාසව උරදුන් ඒ සිනමා ශාලා මහා යෝදයන් සේ නිහඩව නිසලව විරාජමානව බලා හිදින්නේ, ජාතික සමගිය උදෙසා මහා මෙහෙවරක් ඉටු කොට විශ්රාම ගත්තවුන් සේය
 
මාධ්‍යවේදී මංගලනාත් ලියනාරච්චිගේ ෆේස්බුක් ගිණුමෙහි පළ කළ සටහනකි.
Back to top
Go to bottom

Popular News