lan englan tam

පුවත්

ඊශ්‍රායෙලයේ සිරගත වූ පලස්තීන ගුරුවරිය ; 3000 Nights : අරුණ ගුණරත්න ඇසින්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

යුද්ධය හමුවේ සියල්ල සාධාරණය යන ප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමන සාධාරණීකරණය වෙමින් මේ වන විට නොනවත්වාඅ සිද් වෙමින් පවතින ඊශ්‍රායෙල් - පලස්තීන යුද ගැටුම් හේතුවෙන් පොදුවේ සිදුව ඇති ජීවිත, දේපල හානිය මෙන්ම මනුෂ්‍යත්වය නොසලකා හැරීමේ සදාචාරාත්මක හානියද ලෝක ඉතිහාසයේ තවත් එක් අනුවේදනීය සටහන් තබමින් තිබේ.

එවන් වකවානුවක සිනමාවේදී අරුණ ගුණරත්න සිය යූටියුබ් චැනලය ඔස්සේ ඊශ්‍රාලයේ සිරකාරියක වූ පලස්තීන ගුරුවරියක පිළිබඳව වන සත්‍ය හා අනුවේදනීය කතාවක් කියා පාන 300 නි චිත්‍රපටය ගැන විවරණයක් රසිකයින් වෙත ගෙනවිත් තිබේ.
මායි මස්‍රි විසින් 2015දී තිරගත කිරීමට එළිදැක්වුණු චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මෙන්ම් තිරකතාවද ලියනු ලැබ ඇත්තේ ඔහු විසින්මය. නාට්‍යමය වාර්තාමය චිත්‍රපටයක් වන මෙහි ලයල් යන තරුණ පාසල් ගුරුවරිය හමුදා මුරපොලකට පහර දුන් බවට සැක කෙරෙන පිරිමි දරුවෙකුට උදව් කළ බව චෝදනා එල්ල වීම හේතුවෙන් කැනඩාව බලා යෑමට සූදානම් වන තැනැත්තියකි. එම දරුවාට එරෙහිව සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම වටා චිත්‍රපටයේ සියලු සිදුවීම් නිර්මාණය වන්නේය.
යුද්ධය හමුවේ මිනිසුන්ගේ දන්නා නොදන්නා කතා කොතරම් විය හැකිද යන භීතිමය ප්‍රශ්නාර්ථය මගින් පෙන්වනු ලබයි.

Back to top
Go to bottom

Popular News