lan englan tam

පුවත්

ධර්මසිරි වැන්නන් ඇසුරු කළ අය වාසනාවන්තයි; හංස විලක් සිනමා කතිකාව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ධර්මසිරි බණ්ඩාරනායක සිනමාවේදියාණන් විසින් නිමවන ලද හංස විලක් චිත්‍රපටය තිරගත කිරීම සහ ඒ පිළිබඳව කතිකාවක් පසුගිය නොවැම්බර් 03 වැනිදා මහරගම පිළිකා රෝහලේදී පැවැත්විණි.

ඒ ධර්මසිරි බණ්ඩාරනායකයන්, චූලානන්ද සමරනායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
එහිදී ප්‍රධාන දෙසුම සිදු කරමින් චූලානන්ද සමරනායකයන් පැවසුවේ 27 හැවිරිදි සිය පුතාගේ පරපුරේ ඇසුරට ධර්මසිරි බණ්ඩාරනායක, ධර්මසේන පතිරාජ වැන්නන් නොමැති වීම විශාල පාඩුවක් බවය. එවැනි මිනිසුන් ඇසුරු කළ තම පරපුර සැබවින්ම වාසනාවන්ත බව චූලානන්ද සමරනායක මහතා එහිදී පැවසීය.
ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ පළමු සිනමා කෘතිය කෙරෙන් ලාංකේය සිනමාවේ මෙන්ම ලෝක සිනමා ඉතිහාසයේද සලකුණු සනිටුහන් කරනු ලැබූ බව එහිදී ඔහු ප්‍රකාශ කළේය.

 

වීඩියෝ: දොන් මායා

Back to top
Go to bottom

Popular News