lan englan tam

පුවත්

2016 ගොඩගේ අත්පිටපත් තරඟයේ ජයග්‍රාහී කෘති එළි දැක්වීම හෙට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

2016 ගොඩගේ අත්පිටපත් තරඟයේ නවකතා, කෙටිකතා සංග්‍රහය, කාව්‍ය සංග්‍රහය, යොවුන් නවකතා ජයග්‍රාහී අත්පිටපත් සඳහා සම්මාන, සහතිකපත්, මුදල් ත්‍යාග පිරිනැමීම හා ජයග්‍රාහී කෘති එළි දැක්වීමේ උත්සවය 2017 පෙබරවාරි මස 22 වැනි බදාදා පස්වරු 3.00 ට කොළඹ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.

ජයග්‍රාහී කෘති හා ත්‍යාග මුදල් - සිංහල මාධ්‍යය

ප්‍රශස්ත නවකතා
න ගච්ඡති - පද්මිනී සෙනෙවිරත්න - 100,000/-
තුන්හුලස් - හංසිනී ගයාත්‍රි ලියනගේ - 100,000/-
ප්‍රශස්ත කෙටිකතා සංග්‍රහය
හාවුන් එනතුරු - ඉන්ද්‍රිකා දිසාසේකර 25,000/-
ප්‍රශස්ත කාව්‍ය සංග්‍රහය
ඈ විප්ලවයක් නොකළාය - චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න 25,000/-
කළුපාට මුතු - චන්ද්‍රසේන බදුගම 25,000/-
ප්‍රශස්ත යොවුන් නවකතාව
මාතර ගඟේ කිඹුල් හටන - සුදත් විකුම් ගල්හේන 25,000/-

ජයග්‍රාහී කෘති හා ත්‍යාග මුදල් - දෙමළ මාධ්‍යය
කාව්‍ය සංග්‍රහය
මලෛ නින්රපෝදුම් - කාත්තනගර් මොහිදීන්සාලි
Malai Ninrapothum – Kaththanagar Mohideensally 25,000/-
කෙටිකතා සංග්‍රහය
ඇමේසන් කාට්ටිල් අලගන් පූසාරි - ඒ. ඉරුදයනාදන්
Amazon Kaattil Alagan Puoosari – A. Irudhayanathan 25,000/-

Back to top
Go to bottom

Popular News