lan englan tam

පුවත්

ලංකාවේ බිතුසිතුවම් වලට කරන්න යන අලුත්ම දේ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

දිවයිනේ පිහිටි අග්‍රගණ්‍ය බිතුසිතුවම් නූතන තාක්ෂණයට අනුව ඡායාරූප මගින් වාර්තා ගත කොට සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

පසුගිය කාලය තුළ බිතුසිතුවම් විනාශ වී යාමේ සිදුවීම් රැසක් වාර්තා වීමත් සමග එම සිතුවම් ස්ථානීය සංරක්ෂණයටත් ඊට අමතරව මෙලෙස ඡායාරූප ගත කොට සංරක්ෂණය කිරීමට ද පියවර ගෙන තිබේ.

ලංකාවේ විවිධ අවධීන්ට අයත් විශිෂ්ටතම බිතුසිතුවම් රැසක් මෙම ව්‍යාපෘතිය යටතේ ඡායාරූප මගින් වාර්තා ගත කිරීමට නියමිතය.

සීගිරිය, පොළොන්නරුව ප්‍රතිමා ගෘහය, මහනුවර දෙගල්දොරුව විහාරය සහ කැළණිය රජමහා විහාරයේ ඇති සිතුවම් මේ වන විටත් වාර්තාගත කිරීමට පියවර ගෙන ති‍බේ.

සීගිරි චිත්‍ර ඇසුරින් සිදුකල මෙම ඡායාරූප වාර්තා කරන කටයුත්තේ දී ලබාගත් ක්ෂුද්‍ර ඡායාරූපයක් තුළ පියවි ඇසට නොපෙනෙන මිලිමීටර් 1/10 ක් තරම් වූ ලෝහ පතුරක් සහ නූල් කැබැල්ලක් සිතුවම් පෘෂ්ඨයෙන් හදුනා ගැනීමට හැකි වී ඇතැයි ද වාර්තාවේ.

සිතුවම් ඡායාරූප ගත කිරීමේ වැඩසටහන යටතේ ලබාගන්නා ඡායාරූප ඇතුළත් දුර්ලභ ගණයේ සිතුවම් සහිත ඡායාරූප එකතුවක් ග්‍රන්ථ මාලාවක් වශයෙන් මුද්‍රණය කිරීමට ද සැලසුම් කර තිබේ.

Back to top
Go to bottom

Popular News