lan englan tam

පුවත්

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ 23වැනි සංවත්සර උළෙල 24 දා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ 23වැනි සංවත්සර උළෙල මේ මස 24වන දින සවස 4.00ට කොළඹ 07 සව්සිරිපාය ශ‍්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මෙහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවේ.

23වන සංවත්සර උළෙලේ ප‍්‍රධාන දේශණය පැවැත්වීම සඳහා ආරාධනා ලැබ ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප‍්‍රදීප් වීරසිංහ ටය. 

සංවත්සර උළෙල ඇරඹීමට පෙර ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ නව විධායක සභිකයින් තෝරාපත් කරගැනීමේ නිළවරණය පවත්වනු ලබයි.

මෙ  සංවත්සර උළෙලේදී ගරු සාමාජිකත්වය පිරිනැමීමක්ද සිදුවේ. මෙරට ටෙලිනාට්‍ය, සංගීත ,වේදිකා සහ සිනමා යන කලා ක්‍ෂෙත‍්‍රයන් තුළ පුරෝගාමී මෙහෙවරක් කළ කලාකරුවන් හට පිදෙන මෙම ගරු සාමාජිකත්වයට මෙවර තෝරාගෙන ඇත්තේ ප‍්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ, ප‍්‍රවීණ රංගධර ආචාර්ය ජයලත් මනෝරත්න, ප‍්‍රවීණ රංගනශිල්පිණී රත්නා සුමනපාල යන කලාකරුවන්ය.

ටෙලිනිස දේශීය ටෙලි නිර්මාණ අධ්‍යක්‍ෂවරුන් තිර රචකයින් සහ නිෂ්පාදකවරුන්ගෙන් සමන්විත ටෙලි නාට්‍ය කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් පිහිටුවා ඇති එකම සංවිධානයයි

Back to top
Go to bottom

Popular News