lan englan tam

පුවත්

ජපාන රූ රැජිනට කිරුළ අහිමි වෙයි  

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

විවාහක පුද්ගලයෙක් සමග අනියම් සම්බන්ධතාවයක් ඇති බවට හෙළිවීමෙන් අනතුරුව ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ කැරොලිනා ශීනෝ නම් තරුණිය එම කිරුළ නැවත බාරදී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇයගේ අනියම් සම්බන්ධතාවය ගැන ජපානයේ ටැබ්ලොයිඩ් පුවත්පතක් පළ කර තිබුණි.
 
මීට පෙර ඇයට විරෝධය එල්ල වූයේ ඇයගේ යුක්‍රේන සම්භවය හේතුවෙනි.
 
"Shukan Bunshun" නම් ටැබ්ලොයිඩ් පුවත්පත පළ කර තිබුණේ ශීනෝ, විවාහක වෛද්‍යවරයෙක් සමග සම්බන්ධතාවයක් පවත්වන බවත් ඇය ඒ සම්බන්ධයෙන් රූ රැජින තරගයේ සංවිධායකයින්ට බොරු කියා ඇති බවත් ය.
 
එහිදී ඇය පවසා තිබුණේ එම පුද්ගලයා විවාහකයෙක් බව නොදැන සිටි බවයි.
 
නමුත් ටැබ්ලොයිඩ් පුවත්පතේ ඒ සම්බන්ධයෙන් තොරතුරු පළ වීමත් සමගම ඇය තමා අසත්‍ය පැවසූ බව පිළිගෙන සිය කිරුළ නැවත බාරදී තිබුණාය.
 
ru rajina 2
 
(ada derana )
 
Back to top
Go to bottom

Popular News