lan englan tam

පුවත්

විනායකන් අලුත් චිත්‍රපටයේ වැඩ අරඹයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'ජේලර්' චිත්‍රපටයෙන් මලයාලම් සිනමාවේ සිට තමිල්නාඩු සිනමාව තුළ ජනප්‍රිය වූ විනායකන් සහ ප්‍රවීණ මලයාලම් සිනමාකරුවකු සහ නළුවකු වන සුරාජ් වෙන්ජාරමුඩු නුදුරේම තම අලුත් චිත්‍රපටය සඳහා අත්වැල් බැඳගන්නා බව ඉන්දීය පුවත් වාර්තා කර තිබේ.

'තේක්කු වඩක්කු' චිත්‍රපටය ප්‍රේම් ශංකර් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන අතර ඒ බව පෙබරවාරි 12 වැනිදා නිල වශයෙන් දැනුම් දෙනු ලැබිණි.
 
'තේක්කු වඩක්කු' තිර රචනය එස් හරීෂ් විසින් සිදු කරනු ලබන අතර විනායකන් ජේලර් චිත්‍රපටයෙන් පසුව සිය නිහඬතාව බිඳින අවස්ථාවක් හැටියට මෙය හැඳින්විය හැකිය.
 
විනායකන් යනු මාධ්‍ය අවධානය නොගෙන නිහඬව සිටීමට උත්සාහ කරන නළුවෙකි. ජේලර්හි විනායකන්ගේ රඟපෑම මෙන්ම චිත්‍රප්ටයද බෙහෙවින් සාර්ථක විය.
 
"සැබෑ විනායකන් සහ රංගන ශිල්පී විනායකන් මගේ අනන්‍යතාවයේ වෙනස් පැති දෙකක් නියෝජනය කරනවා. විනායකන් කියන නළුවා චිත්‍රපටවලට සීමා වූ චරිතයක්. ජනතාව එතරම් නොදන්නා චරිතයක්. සැබෑ විනායකන් කියන්නේ වෘත්තීය අවධානයෙන් ඔබ්බට ගිය අයෙක්." යනුවෙන් ඔහු ජේලර් පිළිබඳව පැවති සංවාදයකදී පවසා තිබිණි.
Back to top
Go to bottom

Popular News