lan englan tam

පුවත්

නිවේදිකාවක් වීමට හීන දකින කලා පවුලේ සාමාජිකාව; කාවින්දි වික්‍රමසිංහ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

නිවේදිකාවක් වීමට හින දකින යෞවනියක අපට මුණ ගැසුණා. ඇය නමින් කාවින්දි වික්‍රමසිංහ.

කලා පවුලක වැඩිමලා වන ඇය සිය බාල සහෝදරියන් මෙන් රංගනයට හා නිරූපණයටද එකතු වීමේ කැමැත්තකින්ද සිටියි. මේ නිසාම මෙවර මිරර්ආර්ට්ස් තුළින් අප ඇයටද ඉඩක් වෙන් කළා.

 
නිවේදිකාවක් වීමේ හීනේ ඇති වුණේ කොහොමද?
මම පාසලේ විශේෂ අවස්ථාවලදි වගේම පන්තියේ බාහිර ක්‍රියාකාරකම් වගේ දේවල් වලදී නිවේදන කටයුතු කරලා තියනවා. ඉතින් මට ඒ තේරෙන කාලෙ ඉඳලම මගේ ආසාව තිබුණේ නිවේදිකාවක් වෙන්න. ඒ හීනය ඉතින් අදටත් මා තුළ තියෙනවා.
 
ඔබට නිවේදන හැකියාව තියෙනවද?
ඔව් මට නිවේදන හැකියාව තියෙනවා. පාසලේ කලා කටයුතුවලදි මම නිවේදිකාවක් විදිහට වැඩ කරලා තියනවා. පාසලේ විතරක්ම නෙමෙයි පල්ලියේ, දහම්පාසලේ ත්‍යාග ප්‍රදාන උත්සවවලදි වගේම පල්ලියේ නොයෙක් උත්සව අවස්ථාවලදී මම නිවේදිකාවන් විදිහට කටයුතු කරලා තියෙනවා. කලා කටයුතුවල වගේම පෙර පාසල්වල, ක්‍රීඩා උත්සවවල සහ ත්‍යාග ප්‍රදාන උත්සවවල නිවේදන කටයුතු කරන්නට ආරාධනා ලැබිලා තියනවා. ඉතින් ඒවාට මට අවස්ථාව ලැබෙන්නේ නිවේදනය පිළිබඳව මා තුළ හැකියාවට කියලා මම හිතනවා.
 
ඔබ කලා පවුලකින් පැවත එන කෙනෙක් නේද?
ඔව්, මම කලා පවුලකින් පැවත එන කෙනෙක්. මගේ පවුලෙ හැමෝම කලාවට සම්බන්ධයි. මගේ ලොකු නංගී රශී වික්‍රමසිංහ එයා දැනටමත් නිරූපණ කටයුතු කරනවා. ඒ වගේම මගේ චූටි නංගි ශනුදි වික්‍රමසිංහ. ඇයව රූපවාහිනි වෙළෙඳ දැන්වීම් හරහා නිතරම වගේ දකින්න පුළුවන්. ඒ වගේම එයාට රංගනයට හැකියාව තියනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනා මගේ අම්මා. ඇය නිශා වික්‍රමසිංහ ගී පද රචිකාවියක්. ඇත්තම කිව්වොත් ඇයට ලස්සනට ගීත ලියන්න පුළුවන්. දැනටත් ඇගේ අතින් ගීත බොහෝමයක් ලියවිලා තියෙනවා. මගේ තාත්තාවත් මතක් කරන්න ඕනා. මගේ තාත්තාගෙ නම සිතාර වික්‍රමසිංහ. මගේ තාත්තාට ගීත ගායනා කරන්න පුළුවන්.
 
නිරූපණයට රංගනයට යොමු වෙන්න අදහසක් නැද්ද?
ඒ පැත්තට යන්න කැමැත්තක් තියනවා. නමුත්, තවමත් මට ඒ සදහා ආරාධනාවක් ලැබිලා නැහැ. නිවේදිකාවක් වෙන හීනය තමයි පළමුව තියෙන්නේ. අනිත් ඒවා පස්සට හිමීට ඉටු කරගන්නවා.
 
පවුලේ අයගේ කැමැත්ත කොහොමද ඔබ නිවේදන වෘත්තිය තෝරගත්තොත්?
පවුලේ අයගේ කිසිම අකමැත්තක් නැහැ මම නිවේදන වෘත්තීය තෝරගත්තාට. මගේ පවුලේ අය හැමෝම කලාවට සම්බන්ධ නිසා මගේ කැමැත්තටත් ඒ අයගෙන් කිසිම බාධාවක් අදටත් එල්ල වෙලා නැහැ.
 
සංවාදය : බුද්ධික සේනාධීර
ඡායාරූප : සුපුන් උදයංග
හැඩ ගැන්වීම : අංජලී බ්‍රයිඩ්ල් ස්ටුඩියෝ
Back to top
Go to bottom

Popular News