lan englan tam

පුවත්

මාකඳුරේ මධූෂ් ගැන වෙබ් සීරීස් එකක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අසංක එම්. වර්ණකුලසූරිය යනු නවමාධ්‍ය භාවිතයෙන් කලා නිර්මාණකරණයට විවිධ අත්හදාබැලීම් සමගින් සෑම විටම උත්සාහ කරන නිර්මාණකරුවෙකි. 'සිනමාවේදීන්' ෆේස්බුක් සමූහයේ සාමාජිකයෙකි.

ඔහු කරන නිර්මාණ ඇසුරින් පණිවුඩයක් මෙන්ම කතාවක්ද කීමට උත්සාහ කරන නිර්මාණකරුවෙකි. 
 
ඒ අනුව සිය වෙබ් කතාමාලා .. තාක්ෂණය ඇසුරින් සිදු කිරීම අසංකගේ වර්තමාන අත්හදාබැලීම බවට පත් වී තිබෙන අතර ලංකාවේ නීතිය විසින් මාකඳුරේ මධූෂ් නමින් හඳුන්වා දෙනු ලැබූ මත්ද්‍රව්‍ය අලෙවියේ මහමොළකරුවා ගැන ඔහුගේ අලුත්ම නිර්මාණය වී තිබේ. 
 
මෙම නිර්මාණය අසංකගේ තුන්වැනි නිර්මාණය වන අතර මීට පෙර ඔහු මීට දශක ගණනකට පෙර අතුරුදහන් වූ උපාලි විජේවර්ධනගේ චරිත කතාව ඇසුරින් නිර්මාණයක් කළේය. 
 
ඒ සඳහා ලද ප්‍රතිචාර කෙරෙන් දිරිගැන්වුණ අසංක සිය අලුත් නිර්මාණය සිදු කර ඇත. 
 
MADUSH - CHAPTER I - BAPTISM නමින් නිකුත් කළ කතා මාලාවේ පළමු කොටස කෙරෙන් කිසිවෙකු අගය කිරීම හෝ, වැරදි ආදර්ශ දෙන අදහසකින් නිර්මාණය නොගන්නා ලෙස අසංක ඉල්ලා සිටී.
 
සිය අදහස් සහ නිර්මාණය සමාජජාල වෙත පළ කළ අසංක එහි ප්‍රතිචාරද ඒ ඔස්සේම බලාපොරොත්තු වීම තවත් විශේෂත්වයකි.
Back to top
Go to bottom

Popular News