lan englan tam

පුවත්

භීෂණයේ අඳුරෙන් නිවී ගිය ඉටි පහන්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

බොහෝ කලකට ඉහත ජාතික රූපවාහිනීයෙන්  විකාශනය වූ ටෙලිසිත්තමකි. සෝමරත්න දිසානායකයන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වූ මෙම ටෙලි සිත්තම ප්‍රවීණ සම්මානිත ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධගේ නවකතාව ඇසුරෙන් ඉටි පහන් දෙක ටෙලි නාට්‍ය නිර්මාණය විය.

සෝමරත්න දිසානායකයන් විසින් ඉටිපහන් 2ටෙලි නාට්‍යයට වස්තු බීජයක් ලෙසින් ඉටිපහන් 1 ලෙසින් ටෙලි ටෙලි නාට්‍යයට අලුත් කොටසක් එක් කර තිබුණි.
 
දුලිනා නැමැති ගැහැණියගේ ජීවන වෘත්තාන්තය ඇයටදරුවාලැබුණු ආකාරය ඉටිපහන් එක ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයන්ට සමීප කළේය.
සමස්තයක් වශයෙන් ඉටි පහන් 2 ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් අතර වඩාත් කතාබහට ලක් වූ නිර්මාණයකි .
 
භීෂණ සමයක සිදුවූ අඳුරු සිදුවීම් මුල් කරගෙන බිහිවූ මෙම නිර්මාණය තුළින් සෝමේ නම් තරුණිය මුහුණ දෙන ඛේදවාචකයක් සමාජගත විය.
සෝමේ සහ දුලීනා මව සහ දියණිය මුහුණ දෙන ආර්ථික ,සාමාජයීය  ගැටලු පසුව දේශපාලන ගැටලුවක් දක්වා විහිදී ගිය අයුරු මැනවින් ප්‍රකට කළ නිර්මාණයකි.
 
මෙය එකල බොහෝ ගම්බද තරුණ තරුණියන් මුහුණ දුන් සැබෑම භීෂණයක අඳුරු පැති කඩකි.
දුලිනා ලෙසින් වසන්ති චතුරානි ඉතා අපුරුවට නවකතාවේ එන දුලිනාට ජීවය දුන්නාය.
සියලූම ගැටලු හමුවේ නොසැලී ඉදිරියට යන දිරිය මවක ගැහැණියක ලෙස ඇය විශිෂ්ට රංගනයක නිරත විය
මවකගේ අනුකම්පාව චිත්ත ධෛර්ය ආදරය ආදී හැඟීම් ඉතා ප්‍රශංසනීය ලෙස අපූරු රංගනයකට ඈ ජීවය දුන්නාය.
 
සෝමේ නම් අකීකරු දියණිය ලෙස නිල්මිණි තෙන්නකෝන් සිය සුපුරුදු රංගන හැකියාව ප්‍රකට කළාය .පියකු නොමැති වීමේ දුක වේදනාව තරහා වැනි සිතුවිලි සමඟ සමාජ ක්‍රමය වෙනස් කරන්නට ගොස් ජීවිතය විනාශ කරගන්නා යුවතියක ලෙස ලෙස අසීරු චරිතයකට ඇය ජීවය දුන්නාය.
බලාපොරොත්තු වූ ආදරය අහිමිවීම නොගැලපෙන විවාහයක් කර ගැනීම මව සමග ඇති කරගන්නා ගැටුම් ආදී ලක්ෂණයන්ගෙන් හෙබි එම චරිතය නිල්මිණි  ගේ සුපුරුදු හැඟීම් රංගනයක් දැක ගත හැකි විය.
 
අනර්කලී ආකර්ෂා නිල්මිණී ගේ කුඩා අවදිය නිරූපණය කළාය.
 
පසුකාලීනව නවකතාවට යම් හානියක් වූවාදැයි සැකයක් මෙම ටෙලි නාට්‍යයෙන් පසුව ඇති විය.
හේමසිරි ලියනගේ ලින්ටන් සේමගේ, දීපානි සිල්වා, නිලන්ති විජේසිංහ, ප්‍රියන්ත විජය කෝන් ,රසාදරී පීරිස් ,ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු ප්‍රවීණ නළු නිළි කැලක් මෙම ටෙලි නාට්‍යයට දායක විය.
 
"සුළඟට සැලෙනා ඉටිපහනක් දෝමා'' නන්දා මාලිනියන්ගේ එම ගීතය ටෙලි නාට්‍ය පුරාම ටෙලි නාට්‍යයේ බර දරා සිටි ගීතයකි.
 
සෝමරත්න දිසානායකයන්ගේ වර්තමානයේ ඇතැම් චිත්‍රපටවලට වඩා ඉටි පහන් ටෙලි නාට්‍ය ඉදිරියෙන් ඇතැයි විටෙක සිතේ
එදත්,අදත් ,හෙටත්, මේ සමාජ ක්‍රමයේ තිබුන තියෙන සහ තිබෙන්නට හැකි සිදුවීම් ටෙලි නාට්‍යයෙන් විද්‍යාමාන වේ. නොකළ වැරදි හමුවේ වැරදිකරුවන් වූ තරුණ ජීවිත ගැන අපූරු නවකතාවක ප්‍රතිනිර්මාණයක් වූ ඉටිපහන් ටෙලි නාට්‍ය ලාංකීය ටෙලි නාට්‍යවංශ කතාවේ අපූරු නිමවුමකි.
 
ශාන් ඉද්දමල්ගොඩ
Back to top
Go to bottom

Popular News