lan englan tam

පුවත්

රජිනිකාන්ත් කොඳු නාරටිය වූ ලාල්සලාම්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුව වන රජිනිකාන්ත්ගේ අලුත්ම චිත්‍රපටය වන ලාල් සලාම් හේතු කිහිපයක් නිසාවෙන් මේ වසරේ බෙහෙවින් බලාපොරොත්තු තැබූ චිත්‍රපටයක් හැටියට සැලකිය හැකිය.

පළමුවැනි හේතුව නම් වසර අටකට පසුව රජිනිගේ දියනිය සහ සිනමා අධ්‍යක්ෂවරියක් වන අයිශ්වර්යා රජිනිකාන්ත් සිනමාව තුළ යළි සක්‍රීය වීමයි. අනෙක් අතට සිය පියාව ඇය විසින් අධ්‍යක්ෂණය කරනු ලැබීමයි.
දෙවැනි හේතුව වන්නේ විෂ්ණු විශාල් සහ වික්‍රාන්ත් මෙහි රඟපාන අතරම ක්‍රිකට් ක්‍රීඩාව සහ ආගම අතර වන සිදුවීම් මැද ජනප්‍රිය ක්‍රීඩාවක් ග්‍රාමීය මට්ටමින් දේශපාලන බලපෑමට හසුවීම චිත්‍රපටය තුළ පාදක කරගෙන තිබීමයි. 
චිත්‍රපටයේ පළමු භාගයෙන් ගමේ මිනිසුන් අතර ඇති හින්දු සහ මුස්ලිම් ආගමික සම්බන්ධය වටා කරුණු පහදයි. ඔවුනොවුන්ගේ තිරු සහ ශම්සු වාර්ගික එදිරිවාදිකම් එහි පෙන්වා දෙයි.
රජිනිකාන්ත්ගේ රංගන පෞරුෂය දිගහැරෙන්නේ චිත්‍රපටයේ දෙවන භාගයේදීය. එහි සිත් ඇදගන්නා දෙය වන්නේ මුස්ලිම් නායකයෙකු ලෙස ආන්දෝලනාත්මක චරිතයක් රජිනි විසින් රඟපානු ලැබීමයි.
වර්තමානයේ මිනිසුන්ගේ පෞද්ගලික විශ්වාස පෙන්වා දෙමින් රජිනිගේ දෙබස් ප්‍රකාශ කෙරෙන අතර ඒවා අර්ථවත් සහ ගැඹුරු වේ. එය ඇතැම් විට දෑස්වලට කඳුළු නංවන්නකි. ලාල් සලාම්හි මොයිඩීන් භායි වන රජිනි එක් තැනක පවසන්නේ "ඉන්දියාව ඉන්දියානුවන් සඳහායි. මම ඉන්දීය මුස්ලිම් ජාතිකයෙක්. මම ඉපදුණේත් මිය යන්නේත් මෙහියි. මෙය මගේ නිවහනයි! කුලය සහ ආගමට වඩා මනුෂ්‍යත්වය පවතින්නේ ඉහළිනි. අප කතා කළ යුත්තේ මනුෂ්‍යත්වය ගැනයි! ජායි හින්ද් (ඉන්දියාවට ජය වේවා )!" යනුවෙනි. සුපිරි තරුව කරන්නේ අප කතා කළ යුතු වන්නේ මනුෂ්‍යත්වය ගැන යන්න සිහි කිරීමයි. 
තම පුත්‍රයා රැකීමට උත්සාහ කරන පියෙකු සහ ජනතා නායකයෙකු ලෙස රජිනිකාන්ත් ලාල් සලාම්හි පෙන්වන අතර ආගමික, කුල භේදයකින් තොරව සියලු මිනිසුන් එකෙකු ලෙස සිතන ලෙස ඔහු අර්ථවත්ව සිය චරිතයෙන් පෙන්වා දෙයි.
නමුත්, චිත්‍රපටයේ රජිනිගේ ක්‍රියාදාම සහ සටන් දර්ශන පෙරට වඩා සක්‍රීය බවින් තොරය. චිත්‍රපටයේ සැබෑ නළුවා ලෙස ලාල් සලාම්හි දැකිය හැක්කේ රජිනි වේ. 
ලාල් සලාම්හි ආගමික අනන්‍යතාව රකිමින් එය සංයෝජනය කිරීමේ වටිනා කාර්යය ඒ.ආර්. රහුමාන් සිදු කරයි.
අධ්‍යක්ෂණය කරන අයිශ්වර්යා රජිනිකාන්ත් වර්තමානයේ දේශපාලන සහ සමාජ වටපිටාව තුළ කැපී පෙනෙන චිත්‍රපටයක් නිර්මාණය කර ඇති බව නම් කිව හැකිය.
ලයිකා සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ලයිකා නිෂ්පාදනය කරන ලද ලාල් සලාම් ලංකාවේ විශාලතම සිනමා ශාලාව වන සැවෝයි ත්‍රීඩී සිනමාස්හි මේ දිනවල ප්‍රදර්ශනය වේ.

Back to top
Go to bottom

Popular News