lan englan tam

පුවත්

දෙයියනේ, මම මහණ වෙන්නේ නෑ; දමිත් අසංක

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක පැවිදි වීමේ චේතනාවක් ඇතිව ප්‍රසංග වේදිකාවෙන් ඉවත් නොවන බවත් සිය පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවත් ප්‍රකාශ කරමින් සිය රසිකයින් දැනුවත් කිරීමට කටයුතු කර තිබේ. 

දමිත් අසංක මේ බව සඳහන් කර තිබුණේ තමන් ප්‍රසංග වේදිකාවෙන් ඉවත් වන බවට කළ දැනුම් දීම පැවිදි වීමට යන බවට අසත්‍ය ලෙස පුවත් නිර්මාණය කරමින් ප්‍රචාර ගෙන යන පාර්ශ්ව හේතුවෙන් වන විමසීම් හේතුවෙනි. 
 
ඒ පිළිබඳව අද (20) දිනයේ ෆේස්බුක් නිවේදනයක් නිකුත් කිරීමටද දමිත් අසංක කටයුතු කර තිබිණි. 
 
"දෙයියනේ මම මහණ වෙන්න නෙමෙයි නවතින්නේ. අම්මපා අපේ රටේ ඇතැමුන් මුහුද හත් ගව්වක් තියල පේන කියනවා. වේදිකාවෙන් විතරයි සමුගන්නේ දිගටම ඔබ‍ට ඇසීමට ගීත ගයනවා. සමාජ මාධ්‍ය හරහා එවනවා. වියාපාරයක් හා පැල වගාවක් වෙනුවෙන් නවතිනවා. ❤️❤️❤️🙏ඔබේ මතය දාන්න එපා නොදැන මම මහණ වෙන බවක් දන්වලා. මම ඉතා සතුටින් දිවි ගෙවනවා. මට ආදරේ අය මං වෙනුවෙන් පැල දහයක් හිටවන්න ගෙවත්තේ. එය නම් ඉතා කැමත්තෙන් අද සිට ඉල්ලනවා."
 
'සිදූ' නාට්‍යයේ රඟපෑමෙන් අනතුරුව පැවිදි බිමට ඇතුළත් වූ පිළියන්දල සමිද්ධරතන හිමියන් පිළිබඳව පුවතින් දමිත් අසංක ගැනද එවැනි අවධානයක් යොමු වී තිබිණි.
Back to top
Go to bottom

Popular News