lan englan tam

පුවත්

බඹරු ඇවිත් ඔන්ලයින් දාලා තියෙන්නේ හොරෙන්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සම්මානනීය සහ සදානුස්මරණීය සිනමාකරු වූ ධර්මසේන පතිරාජයන්ගේ 'බඹරු ඇවිත්' චිත්‍රපටය යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලැබ ඇත්තේ කූඨසහගතව බව මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අනාවරණ කරයි.

මූල්‍ය අතින් විශාල වියදමක් දරමින් ඩිජිටල්කරණයට ලක් කළ චිත්‍රපටය කොල්ලකෑමට එරෙහි වන ලෙස තරිඳු ප්‍රකාශ කර තිබේ. 
 
"බඹරු ඇවිත් ඔන්ලයින් දාලා තියෙන්නේ හොරෙන්. මූබි එකෙන් හොරකම් කරලා. කෝටි ගණන් වියදම් කරලා ඩිජිටල් කරපු මේ චිත්‍රපටියට ඇත්තටම ආදරෙයි නම්, නැවත සිනමාහල් සහ අන්තර්ජාල ප්ලැට්ෆෝම්වල පෙන්නද්දී ඒවාට සහයෝගය දෙන්නයි ඕනෑ. සමූහයක් විදියට කොල්ලකෑමක් නෙවෙයි. ෂෙයා කළ හැමෝටම ඒක ඩිලීට් කරන්න කියලා යෝජනා කරනවා. ඒ වගේම හැමෝම මේකට කම්ප්ලේන් කරන්න කියා ඉල්ලනවා. මේ වෙද්දී නීතිමය පියවර ගනිමින් පවතිනවා.
 
පසුව එකතු කරමි- 
නිර්මාණ මංකොල්ලයන් (පයිරසි) ජනතාවාදී විදියට කෙරෙන තැන් ඕනෑ තරම්. මමත් ඒ මංකොල්ලකෑම්වලින් තමයි ලෝක සිනමාවේ වැඩි හරියක් දකින්නේ. හැබැයි, හැම මංකොල්ලයක්ම වර්ණනා කරන්න ඒකෙන් හැකියාව ලැබෙන්නේ නෑ. මංකොල්ලකෑවේ මොකක්ද? කාගෙන්ද? කොහොමද? කියන එක තීරණාත්මකයි. හරි පයිරේට් කෙනෙක් නං, දාන්න වෙබ් එකක. අමුවෙන් යූටියුබ් අතෑරිම කැත වැඩක්. ඒ වගේම සිංහල ෆිල්ම් බෙදාහරින්න ක්‍රමයක් නැති තැන මෙලෙස මංකොල්ලකෑම කර්මාන්තයට යහපතක් කරන්නේ නෑ."
Back to top
Go to bottom

Popular News