lan englan tam

පුවත්

නිලන්ති කොට්ටහච්චි ගැන පුදුම ආදර කතාවක් 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

නිලන්ති කොට්ටහච්චි නිවේදිකාවක වශයෙන් කලක් තිස්සේ ජනාදරයට පත් තැනැත්තියකි.

මේ දිනවල ඇය දේශපාලනිකව ක්‍රියාකාරීව සිටින අතර ඇය ගැන බෙහෙවින් ආදරය දැක්වූ, ඇයව පරමාදර්ශී චරිතයක් ලෙස සැලකූ තැනැත්තියක ඇය ගැන සඳහනක් කර තිබිණි. 

ඒ බව මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි තමන්ට ආ කෙටි පණිවුඩයක් හැටියට පළ කර තිබුණේ ඇතැම් සමපාතවීම් අනපේක්ෂිත ලෙස සිදු වන බව පෙන්වාදෙමිනි. 
 
අචිනි මහගම්මන නමැති නවක නිවේදිකාව ඔහු වෙත පණිවුඩයකින් නිලන්ති කොට්ටහච්චි ගැන කියා තිබුණේ "ස්තුතියි මාව ගත්තට වැඩේට. අද මම මෙහෙම හිට ගන්නෙ නිවේදනයට පුංචි කාලෙ ඉඳන් දැකපු රෝල් මොඩල් එකක් නිසා. එයා තමයි ඔය ඔයා ළඟ වාඩි වෙලා ඉන්නෙ. ඒ තමයි දයාබර නිලන්ති කොට්ටහච්චි නැගණිය. මේවා පුදුම ආදර කතා."
Back to top
Go to bottom

Popular News