lan englan tam

පුවත්

මහේෂිගේ ජීවිතය අනතුරේ 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මහේෂි මධුශංකා පසුගියදා හිරු ටීවී කෙරෙන් අසාධාරණයක් සිදු වූ බව පෙන්වා දුන් සඳුන් ප්‍රභාත් නම් නිරූපණයට එක් වූ තරුණයකු වෙනුවෙන් දැඩි දෝෂාරෝපණයක් එම රූපවාහිනී නාලිකාවට එල්ල කළාය. 

එම සිදුවීම අවසානයක් නොවන බව පෙන්වමින් මහේෂිව අපහසුතාවයට පත් වන ආකාරයේ ක්‍රියා සිදු වූ බව පෙනුණ අතර මේ වන විට සිය ජීවිතයද අවදානමක පවතින බව මහේෂි පවසයි.
 
මහේෂිගේ හිරු ටීවී වෙත එරෙහි ප්‍රකාශය වැඩි අවධානයට ලක් ලක් වූ අතර එයට හේතුව පැහැදිලිව සඳහන් කරමින් මහේෂි පසුගියදා (06) තමන් පෙනී සිටින වීඩියෝවක්ද නිකුත් කර තිබිණි.
 
කෙසේ නමුත්, සිය ජීවිත අවදානම ගැන මහේෂි නිවේදනය කර තිබුණේ මෙසේය.
 
"ඊලග අලුත්ම නාඩගම recording... දාලා මාව බය කිරීම.. මන් ලග ඔහුගේ බිරිද කියන ඔක්කොම සාක්ෂි තියෙනවා.. බලමු ලංකාවේ ඇත්ත කතා කරන්න මම මනුස්සයෙක් ට බැරිද???මොන තරම් මාලිගාවක හිටියත් වැඩක් නෑ කුඩු පවුල ගැන ඔක්කොම දන්නවා... මාව මරන්න plan ගැහුවට වැඩක් නෑ..මේ වෙලාවේ මට මොනා හරි උනොත් වග කියන්න ඕන පැත්ත ගියත් ඇත්ත කියන නාලිකාව.."
 
එම සටහන පළ කර තිබුණේ මහේෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසල සිට ගත් ඡායාරූපයක්ද සමගය.
Back to top
Go to bottom

Popular News