lan englan tam

පුවත්

කපුගේ - ලක්ෂ්මන් - සුනිල් දෙවැනි පරපුර රස සුයාමය; ඉස්සර දවසක

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලාංකික ගීත කලාව විචිත්‍රවත් කිරීමට නිර්ලෝභීව කටයුතු කළ ගායකයින් වන ලක්ෂ්මන් විජේසේකරගේ පුත් විහඟ විජේසේකර, ගුණදාස කපුගේ පුත් මිත්‍ර කපුගේ, සුනිල් එදිරිසිංහ පුත් සංඛ ඉදිරිසිංහ එක් වී ඉදිරිපත් කරන ගීත ප්‍රසංගය 'ඉස්සර දවසක්' එළඹෙන අප්‍රේල් 06 වැනිදා කොළඹ 07 මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

සිය පියවරුන් විසින් ගායනා කරන ලද රසවත්ම ගීත ගණනක් එදින රසිකයින් හමුවේ තැබීමට මෙම ගායක පුතුන් මේ වන විට වූදානම් වෙමින් පවතී.
දැල්වූ පහන් දැල්වී තිබේවා, උන්මාද සිතුවම්, රුදුරු තුරු වදුලේ වැනි රසයෙන් අගතැන්පත් ගීත ශ්‍රාවකයින් හමුවේ කලකට පෙර තැබූ ප්‍රවීණ ගායකයින්ගෙන් අද වන විට අප අතර සිටින්නේ සුනිල් එදිරිසිංහයන් පමණි.
රසික රස හදවත් තවත් රසයෙන් පිරවීමට සජීවී කර්ත්ව්‍යයක යෙදෙන මෙම දුර්ලභ අවස්ථාවට මග නොහැර සහභාගි වීම බොහෝ රසිකයින්ගේ බලාපොරොත්තුව වීම නොඅනුමානය.
ප්‍රවේශ පත්‍ර සරසවි නුගේගොඩ - මහරගම - කිරිබත්ගොඩ ශාඛා, චිලැක්ස් රියූනියන් පැලවත්ත, මචං - පන්නිපිටිය - කොට්ටාව, පෝඩියම් තලවතුගොඩ යන ස්ථානවලින් ලබා ගත හැකි අතර 0777 317388 / 077 532 1139 අංක ඔස්සේ වැඩිදුර තොරතුරු විමසිය හැකිය.

Back to top
Go to bottom

Popular News