lan englan tam

පුවත්

බන්ධුල නානායක්කාරවසම්ගේ 'රෑ ඉර පාන' අද (වීඩියෝ)

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

බන්ධුල නානායක්කාරවසම් ගේය පද ලාවන්‍යය රෑ ඉර පාන...අභිමංගල ප්‍රසංගය අද සවස 6.30 ට නෙලුම් පොකුණ රගහල දී  ආරම්භ වනවා.

බන්ධුල රෑ ඉර පාන ගැන කියන්නේ මෙන්න මේ වගේ අදහසක් 

’අහස වෙනස් වුනත් හඳ වෙනස් වෙන්නේ නෑ...නෙලුම් පොකුණේ දී ඔබ අත්දකින්නේ හැම තැනකම ඔබ අහපු රෑ ඉර පාන...මගේ ගී කෙත මගේ ගී අස්වැන්නයි'

බන්ධුල රෑ ඉර පානට ආදරය කරන රසික රසිකාවියන් බෙහෝමයි මේ ඒ ගැන අදහස් දැක්වූ ප්‍රවීණයන් කිහිප දෙනෙක්.

බන්ධුල නානායක්කාරවසම් ඉතාමත් හොඳ රසිකත්වයක් ඇති ගේය පද රචකයෙක් - ප්‍රවීන රංගන ශිල්පිණි යශෝධා විමලධර්ම

 

ගීත කවීන් පරම්පරාවේ අවසාන පුරුක බන්ධුල නානායක්කාරවසම් - ප්‍රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී

 

රස හඳුනන සහ රස හඳුනා ගැනීමට වෙර දරන රසික ප්‍රවාහයක් බිහි කිරිමට බන්ධුල නානායක්කාරවසම් කියන මේ නිර්මාණකරුවා ගන්නා මේ උත්සහය මා අගය කරනවා - ගායනවේදී සුනිල් එදිරිසිංහ

 

බන්ධුල නානායක්කාරවසම් කියන නම විශේෂයෙන් අපේ ගීත සාහිත්‍යයේ ඉතිහාසය ලියන ඔනෑම දවසක ඔහු වෙනුවෙන් පරිචඡේද කිහිපයක් වෙන් කරන්න වෙනවා - විශාරද එඩ්වඩ් ජයකොඩි

 

බන්දුල දක්වන තවත් දක්ශතාවය තමයි කලින් තනුව නිර්මාණය කරලා ඒ තනුවට අවශ්‍ය කරන පද ලියන්නට ලැබෙන අභියෝගාත්මක අවස්තා වල ඉතාමත් හරවත් පද මාලවක් අප බලාපොරොත්තු නොව ආකාරයට ඒ ගීතයට ඇතුලත් කිරිම - ආචාර්ය රෝහන වීරසිංහ

 

බන්දුල නානායක්කාරවසම්ගේ ප්‍රථම මව් ගුණ ගීතය ගැයිමට තරම් මා වාසනාවත්තයෙක් වීම පිළිබඳ මම අදත් සතුටට පත් වෙනවා - ආචාර්ය විකටර් රත්නායක

 

 

 

 වීඩියෝ සංස්කරණය - පණ්ඩුක සූරියබණ්ඩාර

Back to top
Go to bottom

Popular News