lan englan tam

පුවත්

යළි වේදිකාගත වූ 89 මාඝාත

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
1989 පෙන්වපු මාඝාත ඊයෙ එල්ෆින්ස්ටන් රඟහලේ යළි වේදිකාගත වුණා. අසෝක හඳගම රංග කාර්යය මෙදා අධ්යක්ෂණය කළේ ප්රසාද් සූරිය ආරච්චි. මේ රසික සටහන ඒ වෙනුවෙන්..

 

ධවල භීෂණ, යක්ෂාගමනය, ඔත්තුකාරයා එවකට නරඹා තිබුණත්, ලියුම්කරු එකල මාඝාත නරඹා නෑ. එනිසාම, ඊයේ රංගය විඳින අතරේ 89 සංදර්භය ඇතුලේ ඒ ඒ දර්ශන වර නැගුණ හැටි ඉබේම අනුමාන වුණා. මේක එච්චර සැරයි. නඩුකාරයෙක් පිස්සෙක්.
මාඝාත හඳගම වියමන අදටත් වලංගු එකක්. එදා එහැම පිටින්ම මර්දනකාරී ආණ්ඩුවට විරුද්ධ නාට්යයක් ලෙස අර්ථකථනය වුණත්, ආණ්ඩු විරෝධී සටන්කාමී බලවේගයන්ටත් සියුම් මාත්රාවක විචාරයක් එහි ගැබ්ව තිබුණා.
අනෙක් අතට, අධිකරණය නමැති සංකල්පය සිය සැත් වලින්, අක්ෂරය හෝ ඇන්ටික් කඩය දක්වා විනිවිදින හඳගම සම්ප්රදායේ මුල්, මාඝාත හිදී මුණගැහෙනවා නොවේදැයි ලියුම්කරුට හිතුණා.
රසිකාගාරය අල්ලාගන්නා නාට්ය ගුණය මාඝාත තුල නොඅඩුව තිබුණා. ප්රවීණ නවීන නළු නිළියන් නොනැසෙන ජවයකින් අවසානය තෙක් මාඝාත ගෙන ගියා.
විශේෂයෙන්ම ප්රසාද් සූරිය ආරච්චි, ලංකාව තව වැඩ ගත යුතු නළුවෙක්. ඔහුගේ කටහඬම රංගායුධයක්. අධ්යක්ෂකවරුන්ට ඔහු අලුතින් පෙනේවා !
රෝහණ වීරසිංහ සංගීතය වගේම මාඝාත හි රංග වින්යාසය ප්රේක්ෂකාගාරය ඇද බැඳ තබාගත්තා. ප්රචාරකවාදී දේශපාලනය ඒ යුගයේ කෘතිවල බහුල සලකුණක්. ඒ අතීත ලුහුඬුතාව හැරුණුකොට ගත් කල, මාඝාත, මේ යුගයේ අප ඇස් ඉදිරියේ දිගහැරුණු අවංක වේදිකා ව්යායාමයක්.!
 
සටහන : විමල් කැටිපේආරච්චි
Back to top
Go to bottom

Popular News