lan englan tam

පුවත්

'සිංහබාහු' රැල්ල ඇරඹෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ආචාර්ය සෝමරත්න දිසානායකයන් නිර්මාණය කරන ලද

මහා සිනමාකෘතිය,සිංහබාහු අප්‍රේල් ඊයේ (18) සිට තිරගත වීම ඇරඹිණි.

 
මේ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නැරඹූ ශ්‍රී ලංකාවේ විද්වතුන්ගේ අදහස්
 
"මේක තිර නාටකයක් නෙවෙයි,මේක සම්පූර්ණයෙන්ම තිර කාව්‍යයයක්"
-මහාචාර්ය සුනිල් ආරියරත්න-
 
"ඉතාම සාරවත් ලෙස මෙම තිර පිටපත ලියා ඉතාම ලස්සනට අධ්‍යක්ෂණය කරලා තිබෙනවා"
-මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි-
 
"මම සෘජුව ප්‍රකාශ කර සිටිනවා,මගේ ජීවිත කාලය තුළ දැකපු හොඳම සිනමා නිර්මාණය මේ නිර්මාණය කියලා"
-කිෂූ ගෝමස්-
 
"මේක තමයි සෝමරත්න දිසානායකයන්ගේ අග්‍රගණ්‍ය සිනමා නිර්මාණය"
-ආචාර්ය දයා සිසිර හේවාගමගේ (පේරාදෙණිය විශ්ව විද්‍යාලය)-
 
"ඉතාම සුන්දර නිර්මාණයක්,සිනමා කාව්‍යයක්-
-මහාචාර්ය නාමලී කුමාරි හඳගම (පේරාදෙණිය විශ්ව විද්‍යාලය)-
 
"තිරිසන් සතෙකුට ගොනු වී තිබුනු ඒ රූපකාර්තය මානුෂික ශිෂ්ටාචාරකරණයකට ලක් කළා"
-මහාචාර්ය සාලිය කුලරත්න (පේරාදෙණිය විශ්ව විද්‍යාලය) -
 
"අපි ඉතාමත්ම ගරු කරන සිංහබාහු පුරාවෘත්තයට දශමයක හානියක් නොකර අතිවිශිෂ්ට නිර්මාණයක් බවට පත් කළා"
-මහාචාර්ය උදිත් ජයසිංහ (උප කුලපති - වයඹ විශ්ව විද්‍යාලයය)-
 
"වර්තමාන සමාජයට නිර්මාණකරණය පිළීබඳව සුවිශේෂී අත්දැකීමක් ලබාදෙනවා,දක්ෂ නිර්මාණයක්,ඉතාමත්ම ඉහළ මට්ටමක තියනවා"
-මහාචාර්ය රංජන් හෙට්ටිආරච්චි-
"ඉතාමත්ම ප්‍රබල සාහිත්‍යමය කියැවීමක් පමණක් නොව ඉතිහාසය පිළිබඳව ප්‍රබල සත්‍යාත්මක කියවීමක්කරමින් අභියෝගාත්මක ප්‍රවේශයකට සමාජය ගමන් කිරීමට අවශ්‍ය චින්තනමය කාරණාව මෙම රූපරචනය තුළ අපිට දකින්න පුළුවන්"
-මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන්-
 
"අපි එදා කිව්වෙ සිංහබාහු නාට්‍යයය නරඹන්න කියලා,අද අපි යෝජනා කරනව සිංහබාහු නාට්‍යයයත් එක්කම සිංහබාහු චිත්‍රපටයත් නරඹන්න කියලා"
- සම්පත් වේරගොඩ (විදුහල්පති - ඩී.එස්.සේනානායක විදුහල)-
 
"අපි අහපු කතාවෙ අපේ හිත රිදුනු තැන් නිවැරදි කරන්නට,ඒ හිත රිදුනු තැන් දිහා වෙනස් විදිහකට බලන්න සිනමාවෙන් කරන ලද වෙනස් කියැවීමක්"
-ආචාර්ය හංසමාලා රිටිගහපොල-
 
"රඟපෑම් ඉතාම ඉහළින් පවතිනවා"
-විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා-
 
නිරෝශ් ගුණසේකර විසිනි
 
(රචකයා ලියූ දිනට පසු දින උපුටා ගැනීම කිරීම නිසා සුළු වෙනසක් කර තිබේ.)
Back to top
Go to bottom

Popular News