lan englan tam

පුවත්

අන්සතු වස්තුවක් වෙනුවෙන් ජීවිත නැති කරගැනීම

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
 
අනෙකෙකුගේ බිරිඳකුත්,තවෙකෙකුගේ පෙම්වතියකුත් වන රූමත් ගැහැණියක හේතුවෙන් ජීවිත කෙළවර කරගත්තු යකාටවත් බය නැති ජාතියෙ, වීරයො දෙන්නෙක්.
ශ්රේෂ්ඨ මිනිස්සු දෙන්නෙක්.
හැබැයි එහෙම කිව්වට, මූලික හේතුව ඒකම වුනත් පහුවෙන කොට, ගැහැණිය සම්බන්ධ කාරණය එහෙම පිටින්ම රාජ්ය තාන්ත්රික හා දේශපාලනීය වෙලා තිබුනු නිසා හෙක්ටර් වගේම අකිලීස්ටත් අහක යන කුණ්ඩවාලයකින් මිදෙන්න බැරි තරම් තත්ත්වයකට ගැටළුව මෝරලා තිබුනා.
හෝමර්ගෙ ඉලියඩ් ඇසුරෙන් හැදුනු හොඳම සහ ජනප්රියම චිත්රපටිය වෙන Troy ,ඒක නිකුත් වෙලා අවුරුදු තුනක් යනතුරුත් මම බලලා තිබුනෙ නෑ, බලලා තියා අහල තිබුනෙත් නෑ.
2007දි පොලිස් විශේෂ කාර්ය බලකායෙ සොල්දාදුවෙක් විදිහට පුහුණුව ලබන්න කටුකුරුන්දට ගිහින්, දවස් දෙකතුනකට පස්සෙ අපි කීපදෙනෙක් බැරැක්කෙන් එළියට පැනල එහෙමෙහෙ වෙවී ඉද්දි යතුරුපැදියකින් ක්ෂණිකව එතෙන්ට ප්රාදුර්භූත වුනු ප්රධාන පොලිස් පරීක්ෂක කමල් ප්රනාන්දු ,"තොපි කොහෙද බොලව් ඇවිදින්නෙ" කියල බිම තිබුනු පොල්ලක් අරන් හිනාවෙවී සෙල්ලමට වගේ අපි පස්සෙ පැන්නුවා.අපිත් හිනාවෙවීම දුවන අතරෙ කීපදෙනෙකුට පොලු පාර වැදුනා.හැබැයි ඒව හිතල සැරට ගැහුවෙ නෑ .
ඊටපස්සෙ ඇහුවා,
"උඹලට චිත්රපටියක් බලන්න ඕනද,හැබැයි අර ඔන්න බබෝ බිල්ලො එනවා වගේ ඒවනං නෙවෙයි" කියලා..
නූතන මනුස්සයෙකුගෙ පොදු එන්ටටේනිං කැමැත්ත වන "චිත්රපටිය"කියන මාධ්යය ඇවිල්ලා ලේසියෙන් ප්රතික්ෂේප කරන්න හිතෙන එකක් නෙවෙයිනෙ.අනික දවස් කීපයකින් අපි චිත්රපටියක් තියා TV වත් බලලා තිබුනෙ නෑ..
එදා හැන්දෑවෙ අපේ මුළු කෝස් එකම ඔඩිටෝරියම් එකට කැඳවපු කමල් මහත්තයා, පොඩි හැඳින්වීමකුත් කරල චිත්රපටිය තිරගත කෙරෙව්වා.
"තමන්ගෙ අභිමානය,තමන්ගෙ දරුවන් හා තමන්ගෙ භූමිය වෙනුවෙන් දිවි නොතකා සටන් කරපු ගැහැණුන් සහ මිනිසුන් කොට්ඨාසයක කතාවක්"
ඔහුගෙ හැඳින්වීමෙ ඔන්න ඔය වචන තිබුනා මතකයි.
ඇත්තටම කියනවනම් දවස පුරාම PT සහ වෙනත් පුහුණුවීම් නිසා මහන්සි වෙලා හිටපු අපේ කොල්ලන්ගෙන් හතරෙන් තුනකටම විතර අතරින් පතර නින්ද ගියා..චිත්රපටිය පෙනුනා විතරයි බලලා නෑ.
මැද හරියෙදි චිත්රපටිය නතර කරලා ස්ටේජ් එක උඩට නැගපු කමල් මහත්තයා "උඹලා නිදිද බං" කියලා අහලා ආයෙ වචනවලින් දිරිමත් කරලා "මේක බලපල්ලා,හොඳ චිත්රපටියක් " කියල බැහැල ගියා..
ඒත් අපිට ආයෙත් නින්ද ගියා.
මතු ප්රයෝජනය වෙනුවෙන් මම චිත්රපටියෙ නම සහ සීන් කීපයක් මතක තියාගත්තා.
අකිලීස්ගෙ ඛණ්ඩරාවට ඊතලය වැදුනම ඔහු හැරිලා බලපු විදිහ තාමත් මතකයි.
ඊටපස්සෙ කාලයක DVD වලිනුත්,ඩව්න්ලෝඩ් කරලත් තනිවම,යාලුවො එක්ක,සහෝදරයා එක්ක වගේම අන්තිමට බිරිඳ එක්කත් මම පස් හය වතාවක්ම Troy බැලුවා.
ඒ හැමවෙලාවෙම මට කමල් මහත්තයවත් මතක් වුනා.
ඔහු ඊටපස්සෙත් අපිට හොලිවුඩ් චිත්රපටි ගණනාවක්ම පෙන්නුවා.
පස්සෙ කාලයක මම දැක්කා ඔහු ASP වෙලා කියලා.
ටයිකොන්ඩෝ ශූරයෙක් වුනු කමල් ප්රනාන්දු හැටට හැටේ ධාවනය වෙන කාර් එකක ට්රන්ක් එක මත සැතපෙන සෙයියාවෙන් හිඳගෙන, ඔලුවෙ බර අතට දීලා මන්දස්මිතයකින් යුතුව උජාරුවෙන් යනව මම ඇහැටම දැකල තියනවා.
ඔහුව මම අන්තිමට දැකලා දැන් අවුරුදු දාහතක් විතර වෙනවා.
කමල් මහත්තයා,හමුදා කැළෑ ඇඳුම ඇඳලා හැට් එක දාගෙන M16 එක අතේ තියාන ඉන්නව මට දකින්න හම්බවුනෙ එකම එක වතාවයි.ඒ මහ පාන්දරක පානදුරේ ඉඳන් කැලිඩෝ වෙරළ දක්වා පයින් ආපු බීච් මාච් එකේදි.
අදටත් මතකයෙන් නොමැකුනු,ඒ මොහොතෙ ඔහුගෙ පෙනුම මගෙ සිහියට ගෙනාවෙ ජෝන් සීනා තරුණ කාලෙදි හමුදා කැළෑ ඇඳුමෙන් ඉන්නව වගේ...
පහළ පිංතූරෙ ඉන්නෙ හෙක්ටර් සහ අකිලීස් විදිහට රඟපාපු,හොලිවුඩයෙ කඩවසම්ම නළු ඩබලක් වන එරික් බානා සහ බ්රැඩ් පිට්.
මේ දර්ශනය රූගත කිරීමේදී Gentlemen's agreement එකක් ගහපු ඔවුන් දෙදෙනා ස්ටන්ට් ඩබල් පාවිච්චි නොකර හිටිය ලු !
 
නිරෝෂ් ගුණසේකර විසිනි
Back to top
Go to bottom

Popular News