“මට ගෙදර අයට අමතරව තව වටින කට්ටියක් ඉන්නවා. ඒ මගේ බල්ලෝ සෙට් එක. මම දාන කෑම කන්න කාක්කෝ, පූසෝ බලාගෙන ඉන්නවා. උදේම පාරේ ඉන්න බල්ලන්ටයි, පූසන්ටයි, වටපිටාවේ ඉන්න කුරුල්ලන්ටයි කෑම ටිකක් දාන්න මම කවදාවත් අමතක කරන්නේ නැහැ. හැමදාම මම උදේට පහළොස් දෙනකුට විතර උයලා තමයි ගෙදරින් යන්නේ. ඒ මගේ ගෙදර අයටයි, අහිංසක සත්තුන්ටයි.“
දශක ගණනාවක් පුරා අඛණ්ඩව ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට ඇය සමත්ව තිබේ. ටෙලිනාට්‍ය තුළ ඇයට බොහෝ විට ලැබෙන්නේ පවුල් කඩන, කේලම් කියන, කෑගහන දුෂ්ට චරිත වුවද, ප්‍රේක්ෂකයා ඇයට දක්වන ආදරය අඩුවී නොමැත.
“සමහර අය බණිනවා. නමුත් සමහරු මං කරන්නේ චරිතයක් විතරයි කියලා අවබෝධ කරගත්තහම මට ගොඩක් ආදරය කරනවා. ප්‍රේක්ෂක ආදරය දිනාගන්න එක ලේසි නැහැ. මිනිස්සු රංගන ශිල්පියකුට කරන ආදරය මනින්නේ රඟපාන චරිත සහ ඒගොල්ලන්ගේ පවුල් පසුබිමත් එක්කයි. අපි ඒ හැම දෙයක්ම, ඒ කියන්නේ අපේ පවුල් පසුබිමත්, කරන චරිතත් හරියට තියාගෙන ගියාම දීර්ඝකාලීනව ක්ෂේත්රයේ ඉන්න පුළුවන්.
මිනිස්සු ආදරය කරන්නේ මහ පොළොවේ පයගහලා ඉන්න චරිතවලට.” ජීවිතයේ විවිධ භූමිකාවන් එකිනෙක පටලවා නොගනිමින් ඒ හැම ඉසව්වකම සිය අනන්‍යතාව සනිටුහන් කරන්නට තරම් ඇය සතු කැපවීම අගනේය. තිරය පිටුපස මෙන්ම තිරය ඉදිරියේ ද එකලෙස සොඳුරු නිහතමානීකමක් රඳවාගෙන සිටින උදය කුමාරි රණසිංහ ඉදිරියටත් ප්‍රේක්ෂක හදවත්හි නොමැකෙන චරිතයක් බවට පත්වනු ඇත.
-rasaduna -




