lan englan tam

පුවත්

ප්‍රවීන, අංකුර සාහිත්‍යධරයන් එකම වේදිකාවක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

පොදු ජන රසවින්දනයට සමීපතම කලා මාධ්‍යයක් වන සාහිත්‍ය ,ග්‍රාමීය මට්ටමේ සිට ජාතික තලයට ඔසවා තැබීම සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ඇරඹූ වැඩපිළිවෙල යටතේ අංකුර සාහිත්‍යධරයන් හා ප්‍රවීන සාහිත්‍යධරයන් එකම වේදිකාවකට ගෙන ඒමට හැකි වී ඇතැයි වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ 5 සඳුදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ජාතික සාහිත්‍ය  උළෙල අමතමිනි.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික් මට්ටමින් සිංහල,දෙමළ හා ඉංග්‍රිසි මාධ්‍යවලින් පවත්වනු  ලැබූ රචනා, පද්‍ය සාහිත්‍ය විචාර හා අත් අකුරු තරඟ ජයග්‍රාහකයින්ට ත්‍යාග හා සම්මාන පිරිනැමීම එහිදී සිදු කෙරුණි.

ඇමැති එස්.බී.නාවින්න, අමාත්‍යාංශ ලේකම් ඩී.ස්වර්ණපාල හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනූෂා  ගෝකුල ප්‍රනාන්දු ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුනි.

Back to top
Go to bottom

Popular News