lan englan tam

පුවත්

රජිනිඛාන්ත්ගේ දියණිය සෞන්දර්යා යුග දිවියට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රජිනිඛාන්ත්ගේ දියණිය සෞන්දර්යා යුග දිවියට

 

ජනප්‍රිය දමිල රංගන ශිල්පී රජිනිඛාන්ත්ගේ දියණිය සෞන්දර්යා රජිනිඛාන්ත් සහ රංගන ශිල්පී විශාගන් වනංගමුඩිගේ විවාහ මංගල්‍යයේ පුර්ව විවාහ චාරිත්‍ර කටයුතු අද (08) දින ආරම්භ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රාගවේන්ද්‍ර කල්‍යාණ මණ්ඩපම් හිදී යි.

පසුගිය වසරේ දී විවාහ ගිවිසගත් සෞන්දර්යා-විශාගන් යුවලගේ විවාහ මංගල්‍යය එළඹෙන 11 වැනිදා චෙන්නායි හි දීම පැවැත්වීමට නියමිත බවයි ඒ අනුව වාර්තා වන්නේ.

විවාහ උත්සවයට සහභාගී වන මෙන් සිය පවුලේ පිරිසට මෙන්ම පවුලේ සමීපතමයන් සඳහා රජිනිඛාන්ත් පෞද්ගලිකවම ගොස් ආරාධනා කර ඇති බවත් රංගන ශිල්පී කමල් හසන් ට ද එසේ ආරාධනා කර තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන ආර්. අශ්වින් සමඟ සෞන්දර්යා මින් පෙර විවාහ වී සිටි අතර 2017 වසරේ දී ඔවුන් දෙදෙනා නීත්‍යනුකුලව වෙන් විය.

 

Back to top
Go to bottom

Popular News