සිරගෙය
කුඩා කවුලුවෙන් එබී
නෙක රටා මවන
අහස
හතරැස්ය..
හික්මවීම පිණිස මේ දඩුවම ඉවසන්න...
-මො.ල. සෙනවිරත්න -
බොහෝමයක් කවි පොත් එළිදැක්වීම්වලට වෙනස්ව යමින් කවි පොතක් පිළිබඳව අපූරු සංවාදයක් මාර්තු 4 පදනම් ආයතන එලිමහන්
පරිශ්‍රයේ පැවතිනි.
ඒ මොල සෙනෙවි රත්න ගේ " හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න " කවි පොත ජන ගත කිරීමයි.
එහිදී මො.ල. සෙනවිරත්න ලියු කවි ප්‍රියන්කාරගේ බන්දුල, කල්පනා ඇම්බ්‍රෝස් සහ අනූෂා ශිවලිංගම්, මහේශ් කුමාර, කැත්ලීන් ජයවර්ධන, ඒ කවි කියවමින් ඒ පිළිබඳ සහෘදයන් හා සංවාදයේ යෙදුනේය.
මොලාගේ අතීත ආවර්ජණයන් ද වර්තමානයද එකිනෙකට ගලපමින් එම කවි සෑන්දැව වර්ණවත් කරනු ලැබුයේ
සිසිර යාපා සහ චූලානන්ද සමරනායක විසින්.
අවසානයේ මො.ල. සෙනවිරත්න කවි පොතේ මෙන්න මේ විදියේ කවියක් තිබුණා.
පොතකුයි පෑනකුයි අරගෙන මම බිම ඉදගත්තා
හිතට ඒන හැම දෙයක්ම ලියැවෙන්න ඉඩ හැරියා
මම මට ම සිමා දාගන්න ගියේ නැහැ
සරීර කුඩුව සිරකරලා තියෙනවා මදිවට
හිතක් සිරකරලා දාන්න උවමනාවක් මට තිබුණේ නැහැ
ඒක දිගට මම ලියාගෙන ගියා
දවසක් ජේලර්වරයෙක් යකඩකූරු අතරින් ඇස් දික්කරන්
පොත දිහා බලාගෙන ඇහුවා
ඒ ගමන උඹකවි ලියන්න පටන් ගත්තද කියලා...
මොලා ගේ කවි ගැන උපුල් ශාන්ත සන්නස්ගල දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්
ඡායාරූප - දෙනුවන් බණ්ඩාර
https://mirrorarts.lk/news/828-2017-03-09-09-13-06#sigProIda3e157a707




