lan englan tam

පුවත්

අලුතින් ගැයුන 'රතු ගුරු පාරේ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'රතු ගුරු පාරේ හැන්දෑවේ' යනු ශ්‍රී ලාංකේය ගීත කලාවේ ගීත කෝකිලාවිය වන ලතා වල්පොල සහ ඇගේ දියනිය ධම්මිකා බණ්ඩාර විසින් ගායනා කරන ලද එක් ජනප්‍රිය ගීතයක් වන අතරම ලාංකේය ගීත කලාවේ මව්-දියනි සම්බන්ධයේ එක් මුහුණුවරක් පෙන්වන ගීතයක්ද වේ.

ප්‍රවීණ ගී පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් විසින් රචනා කරන ලදුව ස්ටැන්ලි පීරිස් විසින් සංගීත නිර්මාණය කරනු ලැබූ ගීතය වර්තමානයේ අලුත් මුහුණුවරකින් ගෙන එන්නට ලතා වල්පොලයන්ගේ දියනිය ධම්මිකා බණ්ඩාරගේ පවුල කටයුතු කර තිබේ.
ඒ 'රතු ගුරු පාරේ' ගීතය ධම්මිකා බණ්ඩාරගේ පුත් තිසර බණ්ඩාර, ලේලිය ක්‍රිස්ටීනා බණ්ඩාර, සැමියා ධම්මික බණ්ඩාරගේ එකතුවෙනි.
නව සංගීත සංයෝජනය තිසර බණ්ඩාර විසින් නිර්මාණය කරනු ලැබ ඇති අතර ඉතා සංවේදී රූප රචනාව ශානි අංජලිකා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom