lan englan tam

පුවත්

උදයසිරිගෙ 'හරිම බඩු තුනක්' පර්යේෂණාත්මකයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රිද්මයක් කැඩෙන රිද්මයක සුන්දරත්වය 

 සිනමාවෙ,වේදිකාවෙ,ටෙලියෙ එකම ජවනිකාවක රිද්මය වෙනස්වීම් අපි දකින අවස්ථා තියනවා.
 
ඒ අතරින් මම වේදිකා⁣ව මත දැකපු අපූරු,සොඳුරුම එකක් ගැන තමයි මේ...
උදයසිරි වික්‍රමරත්නගෙ අලුත්ම වේදිකා නාට්‍යය වෙන හරිම බඩු තුනක් එකේ දර්ශන,දෙබස් ගැන වෙන වෙනම ලියන්න තරමටම බොහෝ දෑ තියනවා.
 
ඒ අතරින් නාට්‍යය මැදදී සිදුවෙන නයනතරා ද සිල්වා ගේ වේදිකා එන්ට්‍රන්ස් එක සුවිශේෂී එකක්.
 
ඒ වෙනකොට මධුලෝලීන් තුන්දෙනා නාට්‍යය තුළ පවත්වාගෙන යන මධුපාන කතාබහේ රිද්මයට ප්‍රේක්ෂකයො වසඟ වෙලා ඉන්න පටන් අරන්.
මේ අතරෙ තමයි නාට්‍යයෙ තුන්වෙනි හෝ හතරවෙනි ගීතය එන්නෙ.
 
ඉන්ද්‍රාණි සේනාරත්න ගයපු
"සිරිමා බෝ මුල විදුරාසන මත බෝසත් වැඩ වෙසෙනා" 
 
වෙරි මතේම කුසල්,තිලාන් සහ ඉෂාර මේක ගයන ගමං නර්තනයෙ යෙදෙන්න ගන්නවා,ගීතයෙ මුල් කොටස අවසාන වෙද්දිම වගේ තමයි අර අපූරු රිද්ම ඛණ්ඩනය වෙන්නෙ.
 
යුරෝපයෙ ග්‍රාමීය බාර් ගර්ල් කෙනෙකුගෙ ඇඳුමින් සැරසුනු නයනතරා එක්වර හිනැහෙමින්,නටමින් සහ අඟර දඟර පාමින් වේදිකාවට ප්‍රාදුර්භූත වෙනවා.
 
ඒ සැණින්ම ඇයට වශී වෙන ,මිතුරන් ත්‍රිත්වය ගයන ගීතයත් වෙනස් වෙනවා..
මර දූවරු තිදෙනා, මැණිකේ හිනැහෙනවා වෙනවා..
එතනදි වෙන,තනු වෙනස්වීම ප්‍රේක්ෂකයට නොදැනෙන තරම්.
 
උදයසිරිගෙ වේදිකා නාට්‍යය පර්යේෂණාත්මකයි,මේවා වේදිකා නිර්මාණ කලාවෙ මරු වැඩ !
 
නිරෝෂ් ගුණසේකර
Back to top
Go to bottom

Popular News