lan englan tam

අධිකරණ දඩ ගෙවන්න විලාසිතා දැක්මක් කරන නීතිඥ කණ්ඩායමක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අධිකරණයෙන් දඩ නියම වී එම දඩ මුදල් ගෙවාගැනීමට බැරි කාන්තාවන් වෙනුවෙන් සහ බන්ධනාගාරගත මව්වරුන් හේතුවෙන් ඒ තුළ සිටින දරුවන්ගේ සුබසාධනය උදෙසා ක්‍රියාත්මක විලාසිතා දැක්මක් ශ්‍රී ලංකාවේ පළමු වතාවට නීතිඥ කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් එළඹෙන ඔක්තෝබර් 07 වැනිදා පැවැත්වේ.


කොළඹ ගාලුමුවදොර හෝටලයේ amor සංවිධානය විසින් සංවිධානය කරනු ලබන Fashion for Freedom විලාසිතා දැක්ම මෙසේ එදින පැවැත්වීමට නියමිතය.
නීතිඥ කණ්ඩායමක් පමණක් සහභාගි වන මේ විලාසිතා දැක්ම ඇසට අයස්කාන්ත දසුනක් මෙන්ම මනසට මනස්කාන්ත හැඟීමක් මුසු කරනවා ඒකාන්ත බව amor වැඩිදුරටත් පවසයි.
"ඉස්කෝල වැහිලා හිරගෙවල් ඇරෙන රටක අපි මොන තරම් අවාසනාවන්තද? මේ අවපැහැ ගැන්වුණ සමාජය ඇතුළෙ අපි තාමත් උත්සහ කරන්නෙ ඉන්ද්‍රචාපයක් වෙන්න. ඒ වෙනුවෙන්ම අපි වෛවර්ණ හැන්දෑවක් ලහි ලහියේ ලෑස්ති කරනවා කියල ඔයාලා හැමෝම දන්නවා.
ඒ හැඩකාර හැන්දෑව ඇසින් දුටු සාක්ෂිකාරයන් වීමේ ගෞරවාන්විත පංගුකාරයන් වීමට ඔබේ අසුනත් වෙන් කරගන්න කියන ආරාධානයයි මේ.
හිරගෙවල් වහන්න අපිට බැරි බව ඇත්ත වුණත් හිරගෙවල්වල බිත්ති හතර මැද්දේ හෙළන මහා සුසුමක බර සැහැල්ලු කරන්න අපි එකතු වුණොත් පුළුවන් කියල අපි අපිට සහතික වෙමු!" ඔවුන් එසේ සිය ආරාධනය පළ කරයි.
ප්‍රවේශපත් වෙන් කරගැනීමට නිරූපා 077 7844684, චූලා 077 6594994 අංක ඇමතිය හැකිය.

Back to top
Go to bottom