lan englan tam

පුවත්

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ග්‍රන්ථ දෙකක් ගීතයක් එළි දකී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “තාරාගේ ආගමනය” හා “කඩොල් ඇත්තු” (පරිවර්තන) නවකතා ද්විත්වය සහ “ඇහේ කඳුළැලි” ගීතය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ඊයේ (06) පැවැත්විණි.

නවකතා ද්විත්වයෙහි පළමු පිටපත් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණ අතර අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායක කරු ජයසූරිය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් වෙත කෘති පිළිගැන්වීම සිදු විය.
“ඇහේ කඳුළැලි” ගීතය යසස් මැදගෙදර මහතා විසින් සංගීතවත් කර තිබූ අතර ප්‍රවීණ ගායිකා අභිෂේකා විමලවීර මහත්මිය විසින් එය ගායනා කරනු ලබයි.
මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කළේය.

Back to top
Go to bottom

Popular News