lan englan tam

පුවත්

ටෙක්නො 2023 අන්තර් පාසැල් චිත්‍ර තරඟාවලිය නැවතත්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් 35 වැනි වරටත් සංවිධානය කරනු ලබන ටෙක්නො 2023 - ජාතික ඉංජිනේරු සහ තාක්‍ෂණික ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලාංකේය පාසැල් දරුවන් වෙනුවෙන් පවත්වන අන්තර් පාසැල් චිත්‍ර තරගාවලිය මෙවරත් පැවැත්වේ.

කාණ්ඩ අංක 01 - 1 සිට 9 ශ්‍රේණිවල සිසුන් සඳහාද කාණ්ඩ අංක 02 - 10 සිට 13 ශ්‍රේණිවල සිසුන් සඳහාත් වෙන් කර තිබේ.
යහපත් පාරිසරික, තාක්ෂණික, සමාජීය සහ ආර්ථිකමය වටිනාකම් උද්දීපනය කිරීම මෙන්ම නව්‍ය ඉංජිනේරු හා තාක්ෂණික අදහස්
තුළින් ඉංජිනේරුවන් සවිබල ගැන්වීම, ඉංජිනේරු තාක්ෂණය උපයෝගී කරගනිමින් රටේ ආර්ථිකය වැඩි දියුණු කිරීම, ආර්ථිකය නගා සිටුවීම උදෙසා ඉංජිනේරුවන්ගේ කාර්යභාරය ගැන ඇති අවබෝධය මෙම චිත්‍ර තරගාවලිය පැවැත්වීමේ ප්‍රධාන අරමුණු වේ.
කඩදාසි වර්ගය සහ ප්‍රමාණය - A3 Art Paper, පාට කිරීම සඳහා ඕනෑම මාධ්‍යක් භාවිතා කළ හැකිය, මාතෘකාව, ශිෂ්‍ය/ශිෂ්‍යාවගේ සම්පූර්ණ නම, උපන්දිනය, ශ්‍රේණිය, පාසලේ නම සහ ලිපිනය, දෙමාපියන්ගේ හෝ භාරකාරයාගේ නම, ලිපිනය සහ දුරකථන අංකය සඳහන් කිරීම චිත්‍ර තරගාවලිය සඳහා උපදෙස් වේ.
සියලුම චිත්‍ර නිර්මාණ පාසලේ විදුහල්පතිවරයා විසින් නිල මුද්‍රාව සහිතව සහතික කර තිබිය යුතු අතර එක් එක් කාණ්ඩයෙන් ජයග්‍රාහකයන් අට දෙනෙකුට සහතිකපත් සහ මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට නියමිතය. ත්‍යාග ප්‍රදාන උත්සවය 2023/10/22 (ඉරිදා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සියළුම චිත්‍ර නිර්මාණ 2023/09/15 දිනට හෝ ඊට පෙර පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ ගෙනවිත් භාර දීමට හැකිය.

Back to top
Go to bottom

Popular News