lan englan tam

පුවත්

පොත් වසන්තයට එළි වන සුරේකාගේ 17 වැනි හීනය - දිය සිත්තම්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මාධ්‍යවේදිනී සුරේකා නිල්මිණී ඉලංගකෝන්ගේ 17 වැනි නවකතාව 'දිය සිත්තම්' මේ වන විට ප්‍රකාශයට පත් වී අවසන්.


දිය සිත්තම් නවකතාවේ පෙර ඇණවුම් ලබා ගැනීම ඊයේ (13)සිට ආරම්භ වී තිබේ. සියයට 20 වට්ටමක් සහ තැපැල් ගාස්තුවද සමඟ නිවෙසටම නවකතාව ගෙන්වා ගැනීමට මේ අනුව හැකියාව ඇත. විශේෂ මිල රුපියල් 980කට මිලදී ගැනීම් කළ හැකි අතර පෙර ඇණවුම් භාර ගැනීම සැප්තැම්බර් 20 දක්වා කිරීමට කටයුතු යොදා ඇත.
එළඹෙන සැප්තැම්බර් 22 වැනිදා සිට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් දිය සිත්තම් මිලදී ගත හැකිය.
දිය සිත්තම් බෙදාහැරීම - සංඛ පොත් හල, කිරිබත්ගොඩ.

“අවංකවම ආදරේ කරන ගෑනියෙක් ලේසියෙන් තමන් ආදරේ කරන පිරිමියව අතාරින්නෙ නෑ. කූඩැල්ලෙක් වගේ හිතේ එල්ලිලම ඉන්නවා. නැහීගෙන ආදරේ කළත් ඒ පිරිමියා තමන්ට ඇත්තටම ආදරේ නෑ කියලා හරියටම දැනගත්ත දවසට ගෑනූ හිතක් කීතු කීතුවලට කැඩිලා විසිරෙනවා. එදාට ඒ ගෑනි ආයෙ කවමදාවත් ළංවෙන්න බැරි විදිහටම ඒ පිරිමියව හිතින් අතාරිනවා.
ගෑනුන්ට හරි ලේසියෙන් පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන්න වගේම හිතාගන්න බැරි තරම් ඉක්මනට ඒ බැඳීම් අතාරින්නත් පුළුවන් කියල පිරිමි හිතුවට ඒක ගෑනියෙක් එකපාර ගන්න තීන්දුවක් නෙවෙයි. දරාගන්න පුළුවන් අන්තිම සීමාවත් පැන්නට පස්සේ ගෑනු හිතකට ඕනම දරුණු තීන්දුවක් ගන්න පුළුවන්. ඒක තමයි ගොඩක් ගෑනුන්ගෙ විදිහ....ගෑනු නපුරුයි, හිතුවක්කාරයි, චපලයි කියල චෝදනා කරන පිරිමින්ට ගෑනු හිත ගැන තේරුම් ගන්න අමාරු ඇත්ත ඒකයි...” දිය සිත්තම් හි සඳහන්ය.

Back to top
Go to bottom

Popular News