lan englan tam

පුවත්

‘චීන චිත්‍රපට දැක්ම’ ජනමාධ්‍ය ඇමති ප්‍රධානත්වයෙන්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජාතික චිත්‍රපට සංස්ථාව හා චීන රජය එක්ව දෙවැනි වරට සංවිධානය කල ‘චීන චිත්‍රපට දැක්ම’ මෙවර ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණි.

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් පොල්තෙල් පහණ දැල්වීමෙන් අනතුරුව චිත්‍රපට දැක්ම ආරම්භ කෙරිණි. මෙම අවස්ථාව සඳහා චීන හා ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රය නියෝජනය කරමින් පිරිසක් එක්වූහ.

චීන රජය හා ශ්‍රී ලංකා රජය අතර වසර 60ක සිට පවතින මිත්‍රත්වය ආරම්භ වූ දිනය ලෙස මෙදින විශේෂ දිනයක් බවට දෙරටටම වැදගත් වූ අතර දෙරට අතර මෙතෙක් පැවති මිතුදම තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම  ‘චීන චිත්‍රපට දැක්ම’ ඉවහල් වීය.

Back to top
Go to bottom

Popular News