lan englan tam

පුවත්

Spellbinder ක්‍රිස්ටීන් ලංකාවට ඇවිත්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ලෝක ප්‍රකට ඕස්ට්‍රේලියානු කතා මාලාවක් වන Spellbinder හෙවත් මායා බන්ධන දෙවැනි කොටසේ රංගනයෙන් දායක වූ නිළි ජෝර්ජිනා ෆිශර් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. 

ඒ අනුව ඇය එළඹෙන සඳුදා (19) ජාතික රූපවාහිනියේ 'නුගසෙවණ' වැඩසටහනට සහභාගි වීමට නියමිතය. 
 
වර්තමානයේ වයස 30 සපිරූ පරම්පරාව අතර එවකට බෙහෙවින් ජනප්‍රිය කතා මාලාවක් වන මෙය ජාතික රූපවාහිනියේ මේ දක්වා කිහිප වරක් විකාශය කෙරිණි. 
 
සමාන්තර ලොව දෙකක සිදු වන තාක්ෂණික හැකියා සහ එහිදී තරුණ තරුණියන් දෙලොවටම ගොස් ඇති වන මිතුරුකම් සහ අනපේක්ෂිත සිදුවීම් Spellbinderහි කතා මාලා දෙකටම පොදු ලක්ෂණ විය. 
 
එහි කතා දෙකෙහිම ආශ්කා චරිතය ඇතුළත් වූ නමුත්, මේ වන විට ලංකාවේ සිටින ජෝර්ජිනා සම්බන්ධ වූයේ එහි පළමු කතා මාලාවේ පෝල් රෙනෝල්ඩ් යෞවනයාගේ නැගණිය වන ක්‍රිස්ටීන් රෙනෝල්ඩ් හැටියටය. 
 
ඒ ක්‍රිස්ටීන් දශක දෙකකට පමණ පසුව කියන්නේ මොනවාදැයි නැරඹීමට සඳුදා උදෑසන නුගසෙවණ නැරඹිය යුතුය.
 
maya bandana kristeen today
Back to top
Go to bottom

Popular News