lan englan tam

පුවත්

අපේ සුසුම් එක් කළ "සුසුම් රස්තියාදුව"

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'සුසුම් රස්තියාදුව' මෑත කාලයේ බොහෝ දෙනෙකු අතර බෙහෙවින් ජනප්‍රිය ටෙලිනාට්‍යයකි. ඒ පිළිබඳව පසුතල සැකසුම් ශිල්පියකු වන ප්‍රගීත් රත්නායක විසින් සටහනක් පළ කර තිබිණි. 

 
"Aruna Premarathne  ගේ විශිෂ්ට තිරරචනය කැමරාවෙන් රූප බවට පෙරලූ Priyantha Fernando   මෑත කාලයේ කරන්න පුලුවන් ලස්සනම වැඩක් විදියට සුසුම් රස්තියාදුව කරල තිබුනා.
 
ආර්ට් වර්ක් එකකට එහෙම treatment එකක් දෙන්න කොතරම් ශික්ෂණයක් තියෙන්න ඕනද?
Life කියන්නෙ මේ වගේ කාලෙක සුසුම් රස්තියාදුව වගේ කියල මට හිතෙන්නෙ.සමහර වෙලාවට අපට අප පේන්නෙ නැති තැන් වෙන කෙනෙක් පෙන්වන කොට ලොකුවට පේන්න ගන්නවා.සමහර සම්බන්ධකම් ගොඩක් ලඟට පේන්නෙ නෑ.පොඩ්ඩක් දුරට උනාම පේන්න ගන්නවා.සුසුම් රස්තියාදුවේ එහෙම තැන් ගොඩක් අහුවෙනවා.පඨිත ඇතුලෙ තවත් පඨිත හදල අන්තර් පඨිත ගොඩක් ගේනවා සුසුම් රස්තියාදුව . සමකාලීන මිනිස් සම්බධතාවල සංකීර්ණතා ආර්ට් ඇතුළෙ මෙහෙම කැඩපතක් ලෙස අපටම හරවන එක තිරරචකයාගෙ දක්ෂතාවය.ඇත්තටම මේක කැඩපතක්. අධ්‍යක්ෂවරයා සමත්වන තැන තමයි මේ වචනවලින් ගොඩනගන පඨිතය රූපවලින් හැඟීම් විදියට පොලාපන්නන එක.ඒක සාර්ථකයි මට හිතෙන්නෙ.
 
ප්‍රධාන නළු නිළියන් ප්‍රධාන වැඩේ කරන එක කොතරම් ආශ්වාදනීයද?
අයිරා කියන්නෙ මේ නාට්‍යයේ ලොකු පරාසයක විහිදෙන අනන්ත ගැහැනියක්.සමහර තැන්වල ඇය රඟපාන බව පේන්නෙ නෑ.ඒත් රඟපාල.ඒ තමයි ඇගේ සාක්ෂරතාවය .භාතිය කියන්නෙ මේ නාට්‍යය පූරා රෝද පුටුවට වැටෙනකම්ම අඛණ්ඩතාවය නඩත්තු කළ චරිතය.වාඩිවෙලා නිකන් ඉඳගෙනත් රඟපානවා භාතිය.බලාපොරොත්තු තියාගන්න පුලුවන් චරිතයක් ඒක.
ගිම්හානි තමයි එළියට effect වන චරිතය කරන්නෙ . ඒක අභියෝගයක් වන අතරම රැඩිකල් වැඩක්.ඒ චරිතය බලන මිනිස්සුන්ගෙ ඇහැට අනිනවා.පහුගිය දවස්වල ශෝෂල් මීඩියාවල දිනිති බුලිකරන්නෙ සංවිධානාතමක ව්‍යාපෘතියක් ඇතුළෙ කියල හිතෙන්නෙ ඒ නිසා.වෙනස්කම් කියවන්න පුලුවන් චරිත ගොන්නක් එක්ක  හැමෝම අඩු වැඩි වශයෙන් සුසුම් රස්තියාදුව ඉදිරියට ගෙනිච්චා.
 
අපි හැමෝම නියෝජනය කරන සමාජ ව්‍යූහනයජ දේශපාලනය ,ආදරය sex, advertising  ,සමාජ වැඩ,රැවටීම ,වසඟය ,බලය ,ගම ,නගරය,විලාසිතා,පවුල,කසාදය,දික්කසදය,විනෝදය සහ මරණය වගේ මිනිස් ජීවිතවල පද්ධතිමය සම්බන්ධය මෙහෙම ලියල අධ්‍යක්ෂණය කරන එක ලස්සනට කරල .පීක් එකටම ඇවිල්ල තියෙද්දි අල්ලන් ඉන්නෙ නැතුව ඉවර කරන එක මේ නාට්‍යයේදි වැදගත්. අන්තිමට life එකත් නාට්‍යයේ සාරයත් දෙබස් කියවීමක් හැටියට ජීවන්ති කලුපාට මොනවත් පේන්නෙ නැති හිස් අවකාශයකට කියල දාන්නෙ නිකන් නෙවි."
 
ප්‍රගීත් රත්නායක
Back to top
Go to bottom

Popular News