lan englan tam

පුවත්

මගේ රසිකයින්ගේ කඳුළු ගංගාව මගේ මරණයට සාක්ෂි දරාවි; ධර්මසිරි බණ්ඩාරනායකයන සුමති වේදිකාවේදී..

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ධර්මසිරි බණ්ඩාරනායක යනු ශ්‍රී ලාංකික සිනමාව ජාත්‍යන්තර තලයේ අසන්නට, කතාබහට ලක් කරන්නට නිමිති සැකසූ පුරෝගාමී ශ්‍රී ලාංකික සිනමාකරුවෙකි. කාලයේ නිසැක අත්විඳීම් වන වියපත්වීම, රෝගාතුර වීම කෙබඳු වුවත් කෙදිනකවත් සිය ජනතාවාදී සිතුම් පැතුම් වියපත් වීමට ඉඩ නොදුන් කලාකරුවෙකි. සිනමාකරුවෙකි. 

මේ අසහාය කලාකරුවා පෙරේදා (20) 29 වැනි සුමති ටෙලි සම්මාන උලෙළේදී ජීවිතයේ කලාකරුවකුට එක් වරක් හිමි වන යූ.ඩබ්ලිව්. අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබූ අතර ප්‍රවීණ නිළි යශෝධා විමලධර්ම එහිදී ඔහුට සම්මානය පිරිනැමීම සඳහා වන හේතු පාඨය ප්‍රකාශ කළේ හැඬුම් මුසුව සහ කඳුළු බරවය. 
 
"සියල්ල අවසාන වේගෙන යන මොහොතේ අලුත් නිර්මාණයක් කරන බව ආරංචියක් ආවොත් වුවත් රසිකයින් බොහෝ සතුටු වේවි. ඒත්. දැන් දැන් මගේ ජීවත් වීමට අවශ්‍ය මගේ හුස්ම සඳහා වන අවකාශය අවසන් වී යන බවයි හැඟෙන්නේ. ඒ නිසා නුදුරු අනාගතයේ මා නැති වෙන්නට පුළුවන්. මට දෙන්න තියෙන පණිවිඩය එච්චරයි. එසේ වුවහොත්, මගේ නිර්මාණ නරඹා කඳුළු හෙළන රසිකයින්ගේ කඳුළු ගංගාව මගේ මරණයට සාක්ෂි දරාවි." යනුවෙන් ධර්මසිරි බණ්ඩාරනායකයෝ ප්‍රකාශ කළහ. 
 
ධර්මසිරි බණ්ඩාරනායක යනු 1949 ඔක්තෝබර් 06 වැනිදා උපන් ශ්‍රී ලාංකික චිත්‍රපට ක්ෂේත්‍රයට අධ්‍යක්ෂණයෙන් සහ නාට්‍ය රචනයෙන් සමාජ සාධාරණත්වය පිළිබඳව විශිෂ්ට සලකුණු තැබූ කලාකරුවෙකි.
 
'හංස විලක්' සමග 1980දී සිනමාවට අවතීර්ණ වූ ඔහු තුන්වෙනි යාමය (1983), සුද්දිලාගේ කතාව (1984), බවදුක සහ බවකර්ම (1997) වැනි අභියෝගාත්මක නිර්මාණවලද නිමැවුම්කරුවා වේ.
 
ඒකාධිපති, මකරාක්ෂ, ධවල භීෂණ, යක්ෂාගමනය සහ ට්‍රෝජන් කාන්තාවෝ යනාදී වේදිකා නාට්‍ය බොහොමයකින් දේශපාලනයේ ඇති සංකීර්ණතාව සාකච්ඡා කළ බණ්ඩාරනායක මහතා, යූරිපිඩීස්ගේ ග්‍රීක නාට්‍යය 'ට්‍රෝජන් කාන්තාවෝ' සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් වේදිකාගත කළේය. ඒ සම්බන්ධයෙන් දේශපාලන තර්ජනවලට පවා මුහුණ දීමට ඔහුට සිදු විය.
 
කෙසේ නමුත්, මෑතකදී රෝගාතුරවීමෙන් පසුව ධර්මසිරි බණ්ඩාරනායකයන් පැවසුවේ යළි සිනමාකරුවෙකු වීමට තමන්ට ආසාවක් නොමැති බවයි.

Back to top
Go to bottom

Popular News