lan englan tam

පුවත්

පරිසර විනාශය ගැන කියන 'මෆට් ශෝ' එකක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කලාව විවිධත්වයෙන් දැකීමත් කලාවක්. දශක ගණනාවක මිනිසුන්ගේ දුක සතුට විඳි දේවසරණ රූස්ස අඹ ගස පාමුල එළිමහනේ පරිසර විනාශය ගැන දරුවන්ගේ 'මෆට් ෂෝ' එකක්. බණ්ඩාර මැණිකේගේ 'ගෑනු කතා 25' කෘතියේ භද්‍රා වික්‍රමසිංහගේ දඬු මැස්ස කතාව...

පබා දේශප්‍රියගේ නිර්මාණයක් ලෙසින් අමරදාස හීනුක්වැව නම් මෆටි නිර්මාණවේදියා ඇතුලු පිරිස ඉදිරිපත් කළ "දඬු මැස්ස" නාට්‍යය අද (6) ගොම්මන් යාමේදී නරඹන්නට තරම් අපි වාසනාව ලද්දෙමු.
ලොකු පොඩි දෙපාර්ශ්වයේ නාට්‍ය දෙකම නැරඹීමෙන් පසු අපි හැමෝටම
එළිමහනේ ගස් සිසිලසින් නෑවෙමින් කුරක්කන් හැලප සමඟ කහට කෝප්පයක් ලැබිණි. ඒ නිකම්ම නෙවේ, හකුරු සමග යන්තන් පොද වැටෙන තුරු අල්ලාප සල්ලාපයේ යෙදෙන්නටත් ඒ අවස්ථාව ඉතාම අපූරුය.

චාන්දනී දිසානායක

Back to top
Go to bottom

Popular News