lan englan tam

පුවත්

වසර 30 කට පසුව Palme d'Or වෙනුවෙන් තරඟ වදින ඉන්දියානු සිනමාව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
 
Cannes චිත්රපට උළෙලේ දැවැන්තම සම්මානය වන්නේ Palme d'Or සම්මානය. එය පිරි නැමෙන්නේ හොඳම චිත්රපටය වෙනුවෙන්. Palme d'Or තරඟකාරී අංශය වෙනුවෙන් ඉන්දියානු චිත්රපටයක් අවසන් වරට තරඟ වැදී ඇත්තේ 1994 දී. ඒ Shaji N. Karun අධ්යක්ෂණය කළ Swaham නම් මලයාලම් භාෂිත චිත්රපටය වෙනුවෙන්. ඉන් තිස්‌ වසරකට පසුව Cannes Palme d'Or වෙනුවෙන් තරඟ වැදීමට සුදුසුකම් ලබන්නේ Payal Kapadia අධ්යක්ෂණය කළ All We Imagine as Light නම් චිත්රපටයයි. මෙහි සුවිශේෂී කාරණා දෙකක් තිබෙනවා. පළමු කාරණය වන්නේ මෙහි අධ්යක්ෂකවරිය මීට පෙරද Cannes චිත්රපට උළෙලේ සම්මානයක් ජයග්රහණය කර තිබීමයි. ඒ ඇයගේ A Night of Knowing Nothing නම් වාර්තා චිත්රපටය වෙනුවෙන්.
 
එම චිත්රපට උළෙලේ වාර්තා චිත්රපට වෙනුවෙන් පිරිනැමෙන Golden Eye සම්මානය ඇය ජයග්රහණය කරනවා. All We Imagine as Light යනු Payal Kapadia ගේ පළමු දීර්ග වෘතාන්ත චිත්රපටයයි. දෙවෙනි කාරණය වන්නේ Palme d'Or වෙනුවෙන් ඉන්දියාවෙන් කාන්තාවක් අධ්යක්ෂණය කළ චිත්රපටයක් මෙම අංශයෙන් තරඟ වදින පළමු අවස්ථාව මෙය වීමයි.
Cannes චිත්රපට උළෙලේ Palme d'Or සම්මානය ඉන්දියාව එක් වරක් ජයග්රහණය කර තිබෙනවා. ඒ 1946 දී Chethan Anand අධ්යක්ෂණය කළ Neecha Nagar චිත්රපටය වෙනුවෙන්. මීට අමතරව V Shantharam ගේ Amar Bhoopali (1952) , Raj Kapoor ගේ Awaara (1953) , Satyajit Ray ගේ Pather Panchali (1956)/ Parash Pathar (1958)/Devi (1962)/ Ghare Baire (1984) , MS Sathyu ගේ Garm Hava (1974) සහ Mrinal Sen ගේ Kharji (1983) Palme d'Or වෙනුවෙන් තරඟ වැදුණු ඉන්දියානු චිත්රපට.
 
රමිත විමුක්ති
Back to top
Go to bottom

Popular News