lan englan tam

පුවත්

සෝමෙගේ 'සිංහබාහු' ගැන ජනගත වී ඇත්තේ වැරදි මතයක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිංහබාහු විචාරය 01 : සෝමෙගේ මේ චිත්‍රපටය ගැන Social Media වල වැරදි මතයක් ජනගත වෙලා තිබුණා. එහෙම වෙන්න මූලික හේතුව හැටියට පෙනෙන්නේ මේකත් තව තොරණ ශානරයට අයත් බාල ඝණයේ චිත්‍රපටයක් වෙන්න ඇති කියලා සිනමාව ගැන උනන්දු,හදාරන තරුණ පිරිස් අතර පුර්ව මතයක් තියෙන නිසා...ඔවුන්ගේ ඒ විනිශ්චයට සාධාරණ හේතු සහගත චිත්‍රපට ඕන තරම් පසුගිය කාලේ නිෂ්පාදනය වුණා. දුක සහ කෝපය දනවන කාරණය තමයි සමහර නිෂ්පාදන වලට මුදල් ධනස්කන්ධයන් දුන්නේ සංඝයා වහන්සේලා.

සිංහබාහු ඒ වැරදි පුර්වාදර්ශයට හේත්තු කරලා වලලන්න ඕන කතාවක් නෙවෙයි. නිෂ්පාදනය වුණු කොයි ආඛ්‍යානයත් (අනගාරික ධර්මපාල වේවා, මහින්දාගමනය,දුටුගැමුණු වේවා,යශෝධරා වේවා,ක්‍ෂීර සාගරය කැළඹීන වේවා ) පොතකින් කියවනවාට වඩා සිනමාවෙන් අර්ථ කථනය වෙන්න ඕන සිනමානුරූපී විදිහට. සිද්ධ වුණේ ඒකෙ අනෙක් පැත්ත. තොරණේ විස්තරයට අදාළ වෙන විදිහට.ඇයි මෙහෙම වුණේ...? මම කියන්නම් ඇයි කියලා.
විමසමු :-
සිනමාවේ Protocol එක කියන්නේ මොකක් ද...?
පෙරාතු ලේඛනය, මූල ලේඛනය , කෙටුම්පත කියලා කියන්නත් පුළුවන්. හැමෝම දන්නා සිනමා අධ්‍යයන භාෂාවෙන් කිව්වොත් තිර නාටකය-Screen Play.
සිනමාව ඉගෙන ගන්න අය දන්නවා සිනමා ආඛ්‍යානය සහිත තිර නාටකය පිළිවෙලකට අවසන් කර ගත්තොත් කෘතියේ වැඩ 60% ක් අවසන් වුණා වගේ තමයි කියලා. අකිර කුරසෝවා වගේ අධ්‍යක්‍ෂකවරු අවුරුද්දක් විතර තනිවෙලා Film Protocol එකේ වැඩ කරනවා.
සෝමෙගේ සිංහබාහු මම සංජානනය කරගත්තු විදිහට අන්න ඒ වගේ වැඩක්.ඒකෙ වැඩ කිහිපයක් තියෙනවා බෙල්ල ගහලා යන.
1. සිංහල ජන වර්ගයේ ඉතිහාස කතාන්දර හැදෑරීම.
2. මිත්‍යා දෘෂ්ඨික මතවාද ඛණ්ඩනය කිරීම.
3.නව අර්ථ නිරූපණය පරිකල්පනය හා විස්වසනීයත්වය දැනෙන ආකාරයට ප්‍රයුන්ජනය කිරීම.
4.දෙබස් නාටකය - Dialogue Play රචනා කිරීම.
මම මේ තවම කථා කරන්නේ Pre Production එකටත් කළින් කරණ Film Protocol එක ගැනයි.
මගේ ඉසියුම් විචාරය අනුව සෝමේ මේ අවධිය සාර්ථකව ජය අරගෙන තියෙන බව ඊයේ චිත්‍රපටය නරඹනකොට මට වැටහුණා.
ඉතිං ඔබ මේ චිත්‍රපටය නරඹන්න යන්න කරුණාකරලා අර කාලකන්ණි පුර්ව නිගමන ඔලුවෙන් අයින් කරලා.ඇත්තටම ඒවා ඔබේ රස වින්දනයට බාධාවක්.
(ආයිත් දෙවන කොටස ලියන තුරු ප්‍රති-විචාරයට එන්න )

- ධර්මජිත් පුණර්ජීව

Back to top
Go to bottom

Popular News