lan englan tam

පුවත්

සරත්චන්ද්‍රගෙන් යැපුණා ඇති නැද්ද?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
 
ලොව විශිෂ්ටත ම ප්රේමවන්තයා කවුදැ යි කවුරුන් හෝ විමසුවහොත් මා අත උස්සා පවසන්නේ ඒ එදිරිවීර සරත්චන්ද්රයන් බව ය. නෙළා ගත නොහැකි ව අනේකවර බලා වැළපුණු හන්තාන සිහිනය වනාහි සරත්චන්ද්රයෝ ය. තරුණ හදවත්හි හද ගැස්ම සරත්චන්ද්රයන්ගේ නිර්මාණ තුළ ස්පන්දනය වීම ඊට හේතුව විය යුතු ය. තාරුණ්ය සරාට කෙතරම් ආදරේ දැයි හෙළි වන්නේත් මළගිය ඇත්තෝ නවකතාව ඉගෙනගත් කාලයේ දී ය. උගන් වන කල්හි ය. සරත්චන්ද්රයන් වනාහි ප්රේමණීය ලෝකය නියෝජනයක් මෙන් ම ශාස්ත්රීය ලෝකය අනාවරණය කිරීමේ කැඩපතක් බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි . . . .

 . . . සරත් කල්හි සඳ එලෙස ගොඩ නැඟෙනා සඳ වත්මන් ලාංකේය නාට්ය වේදිකාවට තවත් තරු ලකුණක් එකතු වන්නේය. සුවිශේෂීත්වය වූ කලි ඔහු සරත්චන්ද්ර අත ප්රතික්ෂේප වූ කොන්ස්ටාන්ටික් ස්ටැනිස් ලවුස්කිගේ නව රූපණ විධික්රමය අනුගමනය කරන්නෙකු වීමයි. වේදිකා නාට්ය නළුවෙකු ලෙස සිය රංගන ජීවිතය ගොඩ නඟාගත් ඔහු වඩාත් ප්රේක්ෂකාදරයට පාත්ර වන්නේ " කූඹියෝ " ටෙලිනාට්ය ඔස්සේ ය. ඒ නමින් තුමිඳු දොඩන්තැන්න ය. ඔහුගේ රංගනයේ ප්රකට වන ලවුස්කි න්යාය ලාංකේය ප්රේක්ෂකයාගේ සිත් ඇද බැඳ තබා ගැනීමට චිත්ත අභ්යන්තරික හේතුව විය. කාලයක දී මහ ඇඳුරන් අත ප්රතික්ෂේප වූ න්යායක් තවත් කලෙක ජනප්රියත ම නළුවා බිහි කරන්නට රසික හදවත් පොරකන තැනට පත් කිරීමට තරම් ප්රබල එකක් විය. 21 වන සියවසේ ලංකාව බඳු විශ්වීය අත්දැකීම් සීමිතඋ දූපතක තරු ලකුණක් බිහි ව ඒමේ ප්රවණතාව මට නම් ආශ්චර්යයකි.

ඉතින් තවදුරටත් අප සරත්චන්ද්ර මත ම යැපිය යුතු ද ? පේරාදෙණි වළේ නාට්යයක් කළ සැණින් එය සරත්චන්ද්ර සමඟ සැසඳිය යුතු ද ? ලසන්ත කුමාර විසින් අධ්යක්ෂණය කළ බ්ලැක් ටවුන් වේදිකා නාට්ය සරත්චන්ද්ර එළිමහන් රංගපීඨයේ රඟ දැක් වූ අවස්ථාවේ මහාචාර්ය ලියනගේ අමරකීර්තින් ඊට අදහස් එකතු කරමින් ප්රකාශ කළේ නාට්යයක් රඟ දැක් වූ පසු එය සරත්චන්ද්ර සමඟ සැසඳීමට වඩා නූතන නාට්ය කලාවේ අභිවෘද්ධිය සම්බන්ධයෙන් එකී නාට්යයෙන් සිදු කළ මෙහෙය ඇගයීමට බඳුන් කළ යුතු ය යන්න යි . සරත්චන්ද්රයන්ගේ දෘෂ්ය කාව්යාවලියේ ආත්මය වනාහී සංස්කෘත විඥානය විනා අනෙකක් නොවේ . ඉන්දියාව බඳු කුල ස්ථරායනයෙන් සහ මිථ්යා විස්වාසයන්හි එල්බගෙන සිටිනා රටක් යටින් ලංකාව පිහිටා ඇති නිසා ම සරත්චන්ද්ර මඟ අලුත් කිරීමට කාලය එලඹ ඇත . සිංහල හෝ නාට්ය හා රංග කලාව පාසල් විෂය නිර්දේශයේ පතාක යෝධයා ලෙස උලුප්පා දක්වනුයේ සරත්චන්ද්රයන් ය .එය සත්යකි . පරම සත්යකි . නමුත් ඊට එහා ලෝකයක් ඇති බවත් ඒවා ස්පර්ශ කිරීමට ඉඩ සලසනා තාක් කල් සරත්චන්ද්ර කලාවේ රස සොය සොයා පොත් පීරන්නට සිදු වීම ලංකාව බඳු ගෝත්රිකත්වය කරා ගමන් කරනා රටක එක් අතකින් අභාග්යකි . තවමත් , සාහිත්ය යනු එළුසඳැස් ලකුණ , ධර්මප්රදීපිකාව , සද්ධර්මරත්නාකරය , කව්සිළුමිණ යැයි සිතා සිටිනා සාහිත්ය ගුරුවරුන් ශිෂ්යයන්ට සාහිත්ය හා කලාව උගන්වනා මොහොතක එය ඛේදවාචකයක් කරා ගමන් කරනු නියත ය .
 
රන්දික රාජපක්ෂ වසර කිහිපයකට පෙර 'රැස' පුවත්පත වෙනුවෙන් කළ ලිපියකි.
Back to top
Go to bottom

Popular News