lan englan tam

පුවත්

රසෝඝ සිනමාවක චමියාගේ සිහිනය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
 
කලා ක්ෂේත්රයෙ බොහෝ දෙනෙක් බුවා කියලා දන්න, මම චමියා කියලා ලව් එකට කියන Chaminda Jayasuriya මට හමු වුණ දා පටන් මමත් උගෙ සිනමා සිහිනයෙ කොටස්කාරයෙක් වුණා. අපට තියනවා නම් තියන්නෙ මෙහෙම හීන තමා. සිනමාවක් කියන්නෙ කොහොමත් හීනයක්. ලෝකෙ ගත්තත් එහෙමයි. ලංකාවෙ ගත්තොත් විසි තිස් ගුණයක් එහෙමයි.

රංග ශිල්පියෙක්, හඬ ශිල්පියෙක්, සමාජ ක්රියාකාරිකයෙක්, කියවන්නෙක්, ඇවිදයන්නෙක් විදිහට චමියාගෙ සිනමා සිහිනය මම ආදරේ කරන සිනමාවට ගොඩක් කිට්ටුයි. රසෝඝයේ බැඳී එන්න රහයි ජීවිතේ කියලා 70 දසකයෙ කිව්ව සිනමාව ඒක..

ඉතින් මුහුරත් උළෙල ගැන ප්රවෘත්තියට මම සිරසක් යෙදුවෙත් ඒක ඔළුවෙ දරාගෙන..
රසෝඝ සිනමාවක සිහිනය කැන්දන - ෆාදර්!
ඒ කාලාන්තර සිහිනය යථාර්ථයක් වීමේ තවත් අදියරයකට ඇවිල්ලා..
ෆාදර් සිනමාපටයේ රූගත කිරීම් අප්රේල් 25 ආරම්භ වෙනවා.
ලංකාවේ සිනමාවේ බොහෝ අතිදක්ෂයන් පිරිසක් වැඩේට ඉන්නවා.
රසෝඝ සිනමාවක සැබෑවෙන සිහිනයට සුබ පැතුම් මචං!
 
සඳුන් ප්‍රියංකර විතානගේ තැබූ ෆේස්බුක් සටහනකි.
Back to top
Go to bottom

Popular News