lan englan tam

පුවත්

දිගු ලියවිල්ලක් - සිනමාවට එන්න ආසා හැමට ඉඩක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
"... ලංකාවේ සුපිරිම වැඩ්ඩෝ ටික හදන්නේ යූ ටියුබ් ෆිල්ම්ස්. හරි නම් ඒ ගොල්ලෝ ඉන්න ඕනේ ෆීචර් ෆිල්ම් ඉන්ඩස්ට්රි එක ඇතුළේ. දුකම කාරණේ තමා ලංකාවේ තියෙන්නේ මහාචාර්ය උපාධිධාරී ප්රවීණයන් විසින් පවා හාලා විනාස කරලා දාපු ෆීචර් ෆිල්ම් ඉන්ඩස්ට්රි එකක් ..."

 

“හෙලෝ, මේ ගැමුණු අයියා නේද ?”
“ඔව්, මල්ලී කවුද ?”
පහුගිය දවසක මගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට අවුරුදු 20 ක විතර පුංචි කොල්ලෙක් ගෙන් ඉන්බොක්ස් පණිවිඩයක් ඇවිත් තිබුණා.
“අයියේ මම ඔයාගේ කන්ටෙන්ට්ස් බලන කෙනෙක්. මමත් හරි ආසයි ෆිල්මින් වලට”
“වාව්, හොඳයිනේ මල්ලි. ඉතින් මල්ලි දැනට මොකද කරන්නේ ?”
“මං අයියේ ඒ ලෙවල්ස් කරලා, ඔන්ලයින් ෆිල්ම් මේකින් ඩිප්ලෝමා එකකුත් ඉවර කරලා ඉන්නේ. මම හරි ආසයි අයියේ ෆිල්ම් ඉන්ඩස්ට්රි එකට එන්න”
“නියමයිනේ මල්ලි. මගෙන් මොකක්ද ඔයාට කෙරෙන්න ඕනේ ?”
“මම ආසයි අයියේ ආර්ට් ඩිරෙක්ටින් වලට. මං විශ්වාස කරනවා මං ඉගෙන ගෙන තියන දේවලුත් එක්ක මට ඒක සාර්ථකව කරන්න පුලුවන් කියලා. ඒත් මට තාමත් චාන්ස් එකක් සෙට් වුණේ නෑ ඒ ගැන ප්රැක්ටිකලි ඉගෙන ගන්න. මං ෆිල්ම් සහ ටෙලිඩ්රාමා ඩිරෙක්ටර්ස්ලා දෙතුන් දෙනෙක්ටත් නම්බර්ස් හොයාගෙන කතා කළා. ඒත් ඒ හැමෝම කිව්වේ කිසිම එක්ස්පීරියන්ස් එකක් නැති කෙනෙක්ව ට්රේනින් විදිහට වත් සම්බන්ධ කරගන්න බෑ කියලා”
“ම්ම් හරි මල්ලි. ඉතින් ඔයාට මගෙන් මොකක්ද කෙරෙන්න ඕනේ ?”
“අයියට පුලුවන් නම් මට ලංකාවේ ෆිල්ම් එකක හරි ටෙලිඩ්රාමා එකක හරි ආර්ට් ඩිරෙක්ටින් සයිඩ් එකට සම්බන්ධ වෙන්න චාන්ස් එකක් අරන් දෙන්නකො. හෙල්පර් කෙනෙක් විදිහට හරි කමක් නෑ. මං ඉගෙන ගත්ත දේවල් එක්ක මට දැනුම තියනවා අයියේ. මට ඒක විස්වාසයි. ඒත් මට ඉන්ඩස්ට්රි එකට එන්ටර් වෙන්න තැනක් හම්බුණේ නෑ අයියේ තාම. මං දැකලා තියනවා අයියගේ කන්ටෙන්ට්ස් වල අයියා ෆිල්ම්ස් වල වැඩ කරනවා කියලා. පුලුවන් නම් මට පුංචි හරි චාන්ස් එකක් අරන් දෙන්න අයියේ. ලොකු උදව්වක්”
“හරි මල්ලි, මට ෂුවර් කරන්න නම් බෑ. මොකද මේ ඉන්ඩස්ට්රි එකේ ගොඩක් දේවල් වෙන්නේ රෙකමන්ඩේෂන් මත නිසා. ඒත් මං ඔයාට උදව් කරන්න කැමතියි. මං ට්රයි කරන්නම්”
“හරි අයියේ, ලොකු උදව්වක්”
“ඔයා මීට කලින් කරපු මොනවා හරි වැඩ තියනවද මල්ලි. මං අහන්නේ ශෝට් ෆිල්ම්ස් හරි යූ ටියුබ් වීඩියෝ වගේ හරි ?”
“ඉස්කෝලේ කාලේ කරපු ශෝට් ෆිල්ම් එකක් නම් තියනවා අයියේ. ඒක එවන්නද ?”
“හරි මල්ලි”
ඒ මල්ලි ශෝට් ෆිල්ම් එක එවන කල් මං ටිකක් වෙලා බලාගෙන හිටියා. විනාඩි පහකට විතර පස්සේ මට යූ ටියුබ් ලින්ක් එකක් එවලා තිබුණා. මං පොඩ්ඩක් නිවී හැනහිල්ලේ වාඩිවෙලා ඒක බලන්න පටන් ගත්තා. ඒක ඩිරෙක්ට් කරලා විතරක් නෙවෙයි, එඩිට් කරලා තිබුණෙත් අර මල්ලිම තමයි. ඉස්කෝලේ යන පොඩි ළමයෙක් ගැන විනාඩි 8 ක විතර ශෝට් ෆිල්ම් එකක්.
ඒකේ ප්රඩක්ෂන් කොලිටි එකේ නම් කියන්න තරම් මහා විශේෂයක් තිබුණේ නැතත් මේ මල්ලී හොඳ නිර්මාණශීලි දැක්මක් තියන කෙනෙක් කියලා නම් ඒකෙන් මට හොඳටම පැහැදිලි වුණා. ඉතින්, මට හිතුණා මේ මල්ලිට පුලුවන් විදිහකට උදව්වක් කරන්න. මොකද මේ ඉන්නේ ෆිල්මින් වලට ආස, ඒක ඉගෙන ගත්තු, නිර්මාණශීලී පුංචි කොල්ලෙක්. හරි පාත් එකට ආවොත් කවදහරි මේ මල්ලි ඉන්ඩස්ට්රි එකේ නියම දක්ෂයෙක් වෙයි කියලා හිතුණු නිසා මං තීරණය කළා මේ මල්ලිට උදව් කරන්න.
එහෙම හිතපු මං ඒ එක්කම අනිත් පැත්තට කෝල් එකක් ගත්තා අපේ ෆිල්ම් කම්පැනි එකේ චිත්රපටි අධ්යක්ෂකතුමාට.
“ජයේ, උඹ වැඩකද ?”
“නෑ ගැමුණු කියපන්”
“මේ, උඹ ජූනි වල පටන් ගන්න ෆිල්ම් එකට කෲ එක සිලෙක්ට් කර ගත්තද ?”
“තාම නෑ. ලබන සතියේ කරමු කියලා බැලුවේ”
“ආ… මං උඹට පොඩි අදහසක් දෙන්නද ? මේ පාර අපිට ටයිම් එකත් පොඩ්ඩක් කේස් නිසා සුපිරි ප්රොෆෙෂනල් සෙට් එකක් ම අල්ලගන්න කොහොමත් අමාරුයිනේ නේද ?”
“ඔව් ඒක නම් එහෙම තමයි. මාත් මේ බැලුවේ ඒකට මොකද කරන්නේ කියලා”
“අපි මේ පාර කෲ එකට අලුත්ම සෙට් එකක් ගමුද ?”
“අවුලක් නෑ. මං නම් කොහොමත් කැමතියි අලුත්ම අයත් එක්ක වැඩ කරන්න. හැබැයි කලින් කිසිම වැඩකට සම්බන්ධ නොවුණු අයව ගන්න එකේ නම් රිස්ක් එකක් තියනවා නේද ?”
“ඒ ඉතින් කිසිම දෙයක් නොදන්න අයව ගන්න එකේ නේ. පුංචි පුංචි දේවල් වලින් හරි තමන්ගේ ක්රියේටිවිටි එක පෙන්නපු අයව ගන්න බලමු. යූ ටියුබ් වීඩියෝ වලින් හරි”
“යූ ටියුබ් වීඩියෝ යි ෆිල්ම්සුයි කියන්නේ දෙකක් බං”
“ඒ වුණාට ක්රියේටිවිටි එක ක්රියේටිවිටි එකමනේ ජයේ. අනික උඹමනේ කියන්නේ ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්රි එකේ ලොන්තයෝ රජ කරද්දි රියල් වැඩ්ඩෝ ටික යූ ටියුබ් කරනවා කියලා”
“හ්ම් හ්ම්. එහෙනන් අලුත්ම සෙට් එකකට චාන්ස් එක දෙමුකෝ. කොහොමත් මේ පාර ෆිල්ම් එක ගොඩක් කම්ප්ලෙක්ස් නැති නිසා අලුත් සෙට් එකක් එක්ක කරන්න පුලුවන් වෙයි. මං ඉන්ඩස්ට්රි එකට බැස්සෙත් එහෙමනේ ඉතින්”
“ඒකනේ, උඹට ඉතින් මුල මතකයිනේ, අපි අලුත් සෙට් එකකට චාන්ස් එක දෙමු”
“හරි ගැමුණු එහෙනන් උඹ පොඩ්ඩක් හොයලා බලලා, ඇකඩමි වලටත් කියලා, ෆේස්බුක් එකෙත් ඇඩ්ස් ටිකක් දාලා අලුත් එවුන් ටිකක් හොයා ගනින්කො. අපි පොඩි ටෙස්ට් එකක් තියලා කෲ එකක් සිලෙක්ට් කර ගමු”
“එල මචන් එල. මං වැඩේ කරන්නම්”
ඔන්න ඉතින් අපේ අධ්යක්ෂකතුමාගේ ඉල්ලීමත් එක්ක මං වැඩේට බැස්සා. ඒ එක්කම මගේ ඉන්ස්ටග්රෑම් එකට මැසේජ් කරපු මල්ලිටත් මං කතා කරල කිව්වා එයා කැමතිනම් අපේ ඊළඟ ෆිල්ම් එකට ඇසිස්ටන්ට් ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට හරි සම්බන්ධ වෙන්න කියලා. ඒ මල්ලි නම් ඒකට උඩින්ම කැමති වුණා. ඉතින් මං කිව්වා අප්රේල් අන්තිම සතියේ ඔෆිස් එකට එන්න, අපි ජයේ එක්කත් කතා කරලා, මල්ලිගේ ටැලන්ට් එකත් බලලම තීරණයක් ගමු කියලා.
ඒ මල්ලිට විතරක් නෙවෙයි, ෆිල්ම් ඉන්ඩස්ට්රි එකට සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්න තවත් අලුත් Asst. Directors / Cinematographers / Art Directors / Lighting Directors / Gaffers / Sound Designers / Dubbing Directors / Editors / Camera Operators / Supervisors ලා වගේ ගොඩක් අයට තාමත් අපේ කෲ එකේ ඉඩ තියනවා.
ඉතින් “සිනමාවේදීන්” සංසදයේ ඉන්න ඔයාලටත් පුලුවන් දැන් අපේ ඊළඟ ෆිල්ම් එකේ කෲ එකට ඇප්ලයි කරන්න. මැයි මාසේ මුල් සතියේ පැවැත්වෙන ටෙස්ට් එකකින් ඔයාලගේ ස්කිල්ස් බලලා, සුදුසුයි කියලා හිතෙන දක්ෂයෝ හැමෝටම අපේ ඊළඟ ෆිල්ම් එකේ කෲ මෙම්බර් කෙනෙක් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඔයාලගේ හැකියාවට අවශ්ය ඉහළම වටිනාකමත් අපි දෙනවා.
මේ ගැන වැඩි විස්තර හෝ ඇප්ලයි කරන විදිහ දැනගන්න අවශ්ය කට්ටිය මාව සම්බන්ධ කර ගන්න. නැත්නම් කමෙන්ට්ස් වල අහන්න. මං හැම ප්රශ්නෙකටම රිප්ලයි කරනවා. එහෙමනම් ජයේ හැමවෙලාවෙම අපිත් එක්ක කියන උදාන වාක්යයකුත් දාලම මේ ආටිකල් එක අවසන් කරන්නම්.
“සහතික වත් ඉන්ඩස්ට්රියල් එක්ස්පීරියන්ස් වත් නෙවෙයි, තමන්ගේ ටැලන්ට් එක විස්වාස කරන්න. තමන්ගේ ටැලන්ට් එක ගැන තමන්ට තියන විස්වාසය තමයි තමන්ගේ ඉහළම සුදුසුකම බවට පත්වෙන්නේ. වෙන කිසිම දෙයක් නෙවෙයි. මොකද ලංකාවේ තියෙන්නේ මහාචාර්ය උපාධිධාරී ප්රවීණයන් විසින් පවා හාලා විනාස කරලා දාපු ෆිල්ම් ඉන්ඩස්ට්රි එකක්”
 
ගැමුණු ප්‍රතාප අලහකෝන්
Back to top
Go to bottom

Popular News