lan englan tam

පුවත්

බාසිගර් ඕ බාසිගර්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'බාසිගර්' හින්දි චිත්‍රපටයේ 'බාසිගර් ඕ බාසිගර්' ගීතය කුමාර් සානු ගායන ශිල්පියා විසින් දශක කිහිපයකට ඉහතදී ගායනා කළ බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූ ගීතයකි.

මෙම ගීතය ශ්‍රී ලාංකික ගායන සහ රංගන ශිල්පීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය මැයි 04 වැනිදා 'නින්ද නේන රාත්‍රියේ' ප්‍රසංගයේදී ගායනා කෙරිණි.
වචන උච්චාරණයද නිසි ලෙස කරමින් පෙර රසය නොනසා ගීතය ගැයුණු අයුරු ප්‍රසංගයට සහභාගි වූ බිමල් ජයකොඩි රංගන ශිල්පියාගේ බිරිඳ රංගන ශිල්පිනී සුජානි මේනකා විසින් පළ කරනු ලැබ තිබිණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරන ලද ධුර හින්දි ගී තනුවලට එච්.ආර්. ජෝතිපාලයන් ගැයූ 'නින්ද නේන රාත්‍රියේ' ප්‍රසංගයේ සංගීතය රෝහණ වීරසිංහයන් විසින් මෙහෙයවනු ලැබිණි.
උද්දික ප්‍රේමරත්න, බිමල් ජයකොඩි, සුරේන්ද්‍ර පෙරේරා, උරේෂා රවිහාරි, මාරියෝ ආනන්ද, උමාලි තිලකරත්න, අමිලා නදීශානි යනාදී කලා ශිල්පීන් මේ සඳහා සහභාගි වූහ.

Back to top
Go to bottom

Popular News